කාන්තාවකගේ කෝටි 13ක දේපල රාජසන්තකයි.. උපයාගත් ආකාරය නොදනී..

0
8

ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකගේ මිලියන 130 වැඩි දේපළ තහනම් කිරීමට පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම දේපළ උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ දේපළ තහනම් කර තිබේ.

මිලියන 120ක් වටිනා සිව්මහල් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් ඒ අතර පවතින බව පොලිසිය පවසයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන යුක්තිය මෙහෙයුම යටතේ මෙම දේපළ පොලිස් භාරයට ගෙන තිබේ.

එම දේපළ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here