කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
26

කාම්බෝජයේ හමුදා කඳවුරක සිදුවූ පිපිරීමකින් සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු දිග කම්බෝජයේ හමුදා කඳවුරකයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පතොරම් ගබඩාවක එම පිපිරීම සිදුව ඇති බව වාර්තා වනවා.

හමුදා කදවුර අසළ පිහිටා ඇති නිවාස හා ගොඩනැගිලි 25කට පමණ හානි සිදුව ඇති බවද සඳහන්.

පිපිරීම සැලවූ වහාම තමා දැඩි කම්පනයට පත්වූ බවයි කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ජීවිතක්ෂයට පත්වූ සෙබලෙකුගේ පවුලේ අයට ඇමෙරිකා ඩොලර් විසිදහසක මුදලක් හා තුවාල ලැබූ සෙබලෙකුට ඇමෙරිකා ඩොලර් පන්දහසක මුදලක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here