කාලය නාස්තිය වලකන Parkinson's Law – Saru News Media

0
7

බ්‍රිතාන්‍ය ජාතික සිරිල් නෝත්කෝට් පාකින්සන් විසින් 1942දී ලියන ලද මේ කෘතියේ කියාපාන ජීවිතයට ඉතා වැදගත් නීතියක් ගැනයි අද අපි මේ කියන්න හදන්නෙ. කාලය නිසි විදියට භාවිතයට ගනිමින් එදිනෙදා වැඩකටයුතු කරගන්න ආකාරය මේකෙන් විග්‍රහ කරන හැටි බලමු.

Parkinson's Law

පාකින්සන් ලෝ කියන්නෙ ඔයාලගෙ එදිනෙදා වැඩ කටයුතු නිසි කාල කළමනාකරණයකින් යුතුව කරගන්න උපකාරී කරගත හැකි ක්‍රමයක්. මේ ක්‍රමය හරියටම අනුගමනය කරන අයට තමුන්ගෙ වැඩ ක්‍රමවත්ව වගේම පහසුවෙන් කරගන්න හැකිවෙනවා. සාමාන්‍යෙන් දවසකට වැඩකටයුතු රාශියක් කරන, කාර්‍යබහුල කෙනෙක්ට මේ ක්‍රමය සෑහෙන ප්‍රයෝජනවත්. ඉතින් මේ නීතියේ හරය නම් යමක් කිරීමට වෙන් කරන කාලය එම කාර්‍යය් සම්පූර්ණ කිරීම සඳහා යෙදවෙනු ඇතැයි කියන එකයි.

Parkinson's Law

මේක බොහොම සරල දෙයක්. දැන් ඔයා මොකක්හරි වැඩකට යම්කිසි කාලයක් දුන්නොත් ඒ වැඩේ ඒ කාලෙ ඇතුළත සම්පූර්ණ කරගන්නවා කියලා හිතනවා. ඔයා ඒ වැඩේ ඉවර කරන්න මාසයක කාලයක් ගන්නවා කියලා හිතුවොත් ඔයාට ඒක ඉවර කරන්නත් මාසයක් යනවා. ඒ වගේම ඔයා කොහොමහරි ඒ වැඩේ සතියෙන් ඉවර කරනවා කියලා ටාගට් එකේ හිටියොත් අනිවාර්යෙන්ම ඔයා ඒක සතියෙන් ඉවර කරනවා. මේකට බලපාන්නෙ අපි හිතාගන්න කාලපරිච්ඡේදයයි. අපි අපේ මනසට ලබාදෙන සාදාරණ කාලය ඇතුලෙ මනස ඒ වැඩේ ඉවර කරගන්න ගන්නවා.

Parkinson's Law

හිතන්න ඔයා ඔයාගෙ ගේ අස් කරන්න දින 30ක කාලයක් දෙනවා. ඔයා ඒක ඉවර කරන්න දින 30ම ගන්නවා. ඒකට පැය 3ක කාලයක් මනසින් වෙන් කලොත් ඔයා ඒක පැය 3න් ඉවර කරනවා.

කවුරුහරි ඔයාට වැඩක් බාර දෙනවා මේක දවස් 3න් කරන්න කියලා. එතකොට ඔයාගෙ මනසට එනවා දවස් 3ක් තියනවනෙ ඒ වැඩේ ඉවරකරන්න කියලා. එතකොට ඔයා ඒක හෙමින් දවස් 3ම අරන් කරනවා. හිතන්න ඔයාට ඒ වැඩේට ලැබෙන්නෙ එක දවසයි කියලා. ඔයා කොහොමහරි ඒක දවසින් කරලා ඉවර කරන්න ට්‍රයි කරන්නෙ නැද්ද. ආන්න එතන තමා මේ ලෝ එක ක්‍රියත්මක වෙන්නෙ.

Parkinson's Law

අපිට සරලවම මේ නීතිය මෙන්න මේ විදියට පැහැදිලි කරගන්න පුලුවන්.
අපි යම්කිසි කාර්‍යයක් කිරීමට යොදන උත්සාහය වැඩිනම් ඒකට වැයවන කාලය අඩු වෙනවා. ඒ වගේම ඒ කාර්‍යය සඳහා වැඩි කාලයක් ලැබෙනකොට ඒ සඳහා යොදන උත්සාහය අඩු වෙනවා. ඒක පහත ප්‍රස්ථාරයෙන් අපිට පැහැදිලි කරගන්න පුලුවන්.

Parkinson's Law

ඒ නිසා අපි හැමවෙලේම උත්සහ කරන්න ඕනේ අඩු කාලයකින් අදාළ කාර්‍යය නිම කරගන්න. එතකොට අපේ අනික් කාර්‍යයන් සඳහාත් කාලය ඉතුරු කරගන්න පුලුවන්.

Parkinson's Law

හිතන්න ඔයාට කල යුතුම අත්‍යවශ්‍ය දෙයක් තියනවා කියලා.. ඒක අපි ගිණි දැල්ලකට සමාන කලොත් ඔයාට ඒ අවශ්‍යතාව සපුරගන්න මාසයක් තියනව නම් ඒ ගිණිදැල්ලෙ ප්‍රමාණය කුඩයි. ටික ටික දවස් ගිහින් දවස් 15ක් උනාම ඒ ගිණිදැල්ලෙ ප්‍රමාණය ඒ කියන්නෙ උවමනාව සපුරගන්න හිතේ තියන අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒක හෙට වෙනකොට ඉවර කරන්න ඕනෙ කියන තැනට ආවම ඒ ගිණිදැල්ල ඒ කියන්නෙ දැවෙන ආශාව ගොඩක් විශාලයි. ඉතින් දැන් තේරෙනවද ඩෙඩ්ලයින් එක ලං වෙන්න වෙන්න, අපි අපේ උවමනාව ඉෂ්ඨ කරගන්න අවශ්‍යතාවය වැඩී.

Parkinson's Law

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here