Google search engine
Home ගොසිප් පුවත් කුරුණෑගල තරුණයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘සිඟිති‘ ට ඊයේ ඇප ලැබුණ හැටි

කුරුණෑගල තරුණයා ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘සිඟිති‘ ට ඊයේ ඇප ලැබුණ හැටි

0
11

kurunegala-murder-suspects-nabbed

කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයා ඝාතනය කළ බවට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැති ප්‍රධාන සැකකරු අධිකරණයට භාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා ඊයේ (06දා) නියම කර තිබුණි.

සැකකරු සිය නීතිඥයන් මගින් අධිකරණයට බාරවීමෙන් අනතුරුව එසේ ඇප නියම විය.
මොහුට ඇප ලබාදීමට පොලිසිය විරුද්ධවූ නමුත් මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීමට කටයුතු කළේය. කෙසේ වෙතත් සිඟිති හා බිරිය ඇප මුදල් තැබීමට අපොහොසත් වීම හේතුවෙන් නැවත බන්ධනාගාරගත කරන ලදි.

සැකකරු මෝසමක් මගින් විවෘත අධිකරණයට භාරවීමේදී පොලීසිය අධිකරණය හමුවේ කියාසිටියේ සැකකරු අධිකරණය, නීතිය හෑල්ලුවට ලක්කරමින් වසංව සිටි බවයි. එමෙන්ම රජයේ නිලධාරීන් කාලය ශ්‍රමය කැපකරමින් දිවයිනේ සෑම ප්‍රදේශයකට සැකකරු සෙවූ බවත්, මාධ්‍ය මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබාදුන් පසුබිමක නීතිගරුක පුද්ගලයෙකු නම් පොලිසියට ඉදිරිපත්වීමේ හැකිව තිබූ බවත්ය.

එහිදී සැකකරුවන්ගෙන් අධිකරණය ඉල්ලා සිටි හැඳුනුම්පත් ලබාදීමට අපොහොසත් වීම නිසා නඩුව පසුවට තැබීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
සවස යළි එම නඩුව කැඳවීමේදී හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමට සැකකරුවෝ අපොහොසත් වූහ. ඒ අනුව පොලීසිය කියාසිටියේ විමරිශන කටයුතු තවමත් සිදුකරගෙන යන බවයි.

දුරකථන විශ්ලේෂණ වාර්තා තව ලැබෙමින් පවතින අතර නිශ්චිත සැකකරුවන් මේ වනවිටත් අනාවරණය කරගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පවසමින් ඉදිරිපත් වූවන් අදාළ සිද්ධියට යම් සම්බන්ධයක් ඇත්නම් පොලීසියට ප්‍රකාශයක් ලබාදිය හැකි බවද පැවසීය.

මෙලෙස ඝාතනයවූ තරුණයාගේ පෙම්වතියගේ පියා දේශපාලනඥයෙකි. ඔහු අවසන්වරට පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පරාජයට පත්වූ අයකු බවද පැවැසේ.
ඝාතන සිදුවීමට නිශ්චිත හේතුව තවමත් අපැහැදිලිය. මෙම තරුණයා පැහැරගෙන ගොස් කිසියම් දේශපාලන ප්‍රධානියෙකු මුණගැස්වූ බව පැවසෙන අතර ඒ කටයුත්ත සිදුකර ඇත්තේ සිගිති හා පෙදරේරුවන් දෙන්නෙකු බව කියැවේ.
මෙම සිද්ධියෙන් පසු පෙම්වතියත්, පියාත් ඇගේ 12 සහ 8 යන වයස්වල පසුවන සහෝදරියනුත්, සහෝදරයාත් පෙම්වතියගේ පියාගේ නැඟණියත්, නැඟණියගේ සැමියාත් ගේ දොර අත්හැර පලාගොස් තිබූ අතර මස්සිනා බව කියන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නමැති ප්‍රධාන සැකකරු ඊයේ අධිකරණයට භාර විය. ඇප මුදල් තැන්පත් කරන්නට බැරිවී ඔහු තවම බන්ධනාගාරයේ පසුවේ.
මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අනෙක් අයවන්නේ සිද්ධියට වක්‍ර ලෙස සම්බන්ධිත පෙදරේරුවන් දෙදෙනෙකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here