කෙහෙළිය අධිකරණයට – Saru News Media නවතම පුවත්

0
22

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන ඖෂධ ගණුදෙනුවට අදාළ නඩුව අද යළි කැඳවනු ලැබුවා.

ඒ මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඉදිරියේයි.

ඖෂධ වංචාවට අදාළ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිල‍ධාරීන් කටයුතු කළා.

මෙම ඖෂධ නඩුවට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදුකිරීමට අධිකරණය අද උපදෙස් ලබාදුන්නා.

එසේම ඖෂධ නියාමන අධිකාරියේ හිටපු නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබදව ඉදිරි විමර්ෂණ සිදුකිරීම සදහා නීතිපතිවරයා අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here