කෝපි පානය කිරීමෙන් ලැබෙන වාසි – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
8

කෝපි කියන්නෙ බොහෝ දෙනෙක් කැමතිම පානයක් දවසේ ඕනෑම වෙලාවක කෝපි එකක් බොන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඒ වගේම තමයි කෝපි බොන එකට ඇබ්බැහි වෙච්ච පිරිසකුත් ඉන්නවා ඉතින් මේ කොයි විදිහට කොපි එකක් බිව්වත් කෝපී හරහා ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකර වාසි කිහිපයක්ම අත්වෙනවා.

කෝපි වල ප්‍රතිඔක්සිකාරකයන් හා සිරුරට හිතකර පෝෂක වර්ග අන්තර්ගත වේ. එමෙන්ම කෝපි වල කාබනික සංයෝතයන් මෙන්ම vitamin B, riboflavin, panthothenic අම්ලය, පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේන් අන්තර්ගත වේ. කෝපි මඟින් හෘදය නීරෝගී කරන අතරම, 2 වන වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවධානම ද අඩු කරයි. මානසික නීරෝගීභාවයට ද කෝපි හොඳ ඔසුවකි.

  1. ශක්තිය වැඩි කරයි

කෝපි වල අන්තර්ගත වන සංයෝගයන් වන කැෆෙන් ශරීරයේ ශක්තිය වැඩි කරවයි. කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය ද වැඩි කරවයි.

  1. මානසික අවපීඩනය
    මානසික පීඩන තත්වයන්ට කෝපි ක්ෂණික ප්‍රතිකාර ලබා දේ. මේවායේ අනුතර්ගත වන ප්‍රතිඔක්සිකාරකයන් මඟින් ඔබව සතුටින් තබයි. පර්යේෂණයකට අනුව දිනකට කෝපි කෝප්ප 3 – 4ත් අතර ප්‍රමාණයක් පානය කරන්නන්ට මානසික පීඩන තත්වයන් ඇති නොවන බව හෙළි වී ඇත.
  2. දියවැඩියා අවධානම අඩු කරයි.

දෛනිකව කෝපි පානය කිරීම මඟින් දියවැඩියාව මඟහරවා ගැනීමට හැකියාව ලැබේ. මෙමඟින් ලැබෙන polyphenol හා chlorogenic අම්ල මඟින් දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කරනු ලබයි.

  1. ශරීරයේ බර අඩු කරගැනීමට දායක වේ.

කෝපි මඟින් ආහාර රුචිය අඩු කරවයි. සැන්දෑවට කෝපි කෝප්පයක් පානය කිරීම මඟින් පැණි රස වර්ග කෑමට ඇති රුචිය නැති වී යයි. මෙය උත්තේජකයක් ලෙස ද ක්‍රියා කරන අතර කැලරි දහනය කිරීම ද සිදු කරයි.

  1. අක්මාව රැක දේ

කෝපි වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරකයන් මඟින් ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ප්‍රදාහය වළක්වයි. දිනකට කෝපි කෝප්ප 2 – 3 ක් පානය කිරීම මඟින් සිරෝසිස් හා non alcoholic fatty liver වැනි තත්වයන්ගෙන් වැළකීමට හැකිය.

  1. හෘදය නීරෝගී කරවයි

කෝපි හෘදයටඉතා ගුණදායී වේ. දෛනිකව කෝපි පානය කිරීම මඟින් හෘදය ආශ්‍රිත බොහෝ රෝග වලින් මිදීමට අවස්ථාව සළසා දේ. එමෙන්ම එය ආඝාතයන් ඇති වීමේ අවදානම ද 20%කින් අඩු කරයි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here