ගජමුතු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට – Saru News Media දේශීය පුවත්

0
9

කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් සමඟ පුද්ගලයෙකු මඩකලපුව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) වන දින මඩකලපුව පොලිස් වසමේ, පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 11ක් සමග රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි චෙංකලඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදි.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here