ග්‍රාම නිලධාරිනියකට පහරදුන් කාන්තාවක් අත්අඩංගුවට – Saru News Media උණුසුම් පුවත්

0
15

සහල් සහනාධාරය ලබා නොදුන්නැයි උරණ වී ග්‍රාම නිලධාරිනියකට පහරදුන් කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පනාපිටිය දකුණ වැඩබලන ග්‍රාම නිලධාරීවරියට මෙසේ පහරදී ඇති බවයි පැවසෙන්නේ.

ඇය පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සහල් බෙදා අවසන්වීමෙන් අනතුරුව සංවර්ධන නිලධාරිනිය පිටව ගොස් ඇති අතර ග්‍රාම නිලධාරිනිය කාර්යාලය වසා දමා පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

පහරදීම සිදුකළ 28 හැවිරිදි කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here