ගාසා යුද්ධය නිසා අමෙරිකානු සරසවි ගිනි ගනී

0
12

ගාසා තීරයේ යුද්ධයට සහ ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් මෙන්ම පලස්තීනුවන්ට සහය දක්වමින් අමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් ආරම්භ කළ විරෝධතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

දිගින් දිගටම ක්‍රියාත්මක වූ විරෝධතා ඊයේ ප්‍රචණ්ඩ ස්වරූපයක් දක්වා වර්ධනය වූයේ විරෝධතා මර්දනයට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමගයි.

මේ වන විට ඊශ්‍රායලයට සහය පළ කරන පිරිස් සහ පලස්තීනයට සහය පළ කරන පිරිස් අතර ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා වීමත් සමග තත්ත්වය වඩාත් උණුසුම්කාරී වී තිබෙනවා.

මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව ඊයේ දිනයේදී පමණක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස සිය ගණනක්. 

නිව්යෝර්ක්, කොලොම්බියා, ඇරිසෝනා, මැඩිසන්, ෆ්ලොරීඩා, ජෝර්ජියා ඇතුළු ප්‍රධාන විශ්වවිද්‍යාල රැසක මෙම විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාවලට සම්බන්ධ 400කට වැඩි පිරිසක් ඉකුත් දින කිහිපයේ පමණක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් බහුතරයක් නිව්යෝර්ක් හා කොලොම්බියා විශ්වවිද්‍යාලවල සිසුන්.

විරෝධතා ප්‍රචණ්ඩ වීමත් සමග විශ්වවිද්‍යාල දේපළවලටද හානි සිදුව තිබෙනවා.

මේ අතර ඉරාන ෂිරාක් විශ්වවිද්‍යාලය පවසා ඇත්තේ අමෙරිකාව තුළ අඛණ්ඩව පවතින විරෝධතාව හේතුවෙන් කිසියම් සිසුවෙකුට හෝ ආචාර්යවරයෙකුට බලපෑමක් වුවහොත් ඔවුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට සූදානම් බවයි.            
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here