ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් කයිරෝ අගනුවරට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
16

ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණියා.

සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටෙනු ඇති බවට ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවසන්නේ යුද්ධය දිගටම කරගෙන යාම තම අරමුණ බවයි.

වෆා ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්‍රායලය ඊයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ අතර ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 34,454දෙනෙකු මිය ගොස් 77,575දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හමාස් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ 1,139 ක් මිය ගියා.***

 

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here