චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
13

චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීනයේ ග්වාන්දොන්ග් පළාතට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්  කඳුකරයේ අධිවේගී මාර්ගයක කොටසක් නාය යාමට ලක්ව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ගයේ මීටර් 17.9 පමණ නාය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තිස් දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.

වාහන 20ක් පමණ අනතුරට ලක්ව ඇති බවද සඳහන්.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here