චීනය එපා කියූ දේම කරයි

0
10

චීන වෙරළාරක්ෂක නෞකා හතරක් සිය තහනම් මුහුදු කලාපය ජලය හරහා යාත්‍රා කර ඇති බව තායිවානය පවසනවා.

ඒ අනුව තවදුරටත් සිය නාවික ආරක්ෂාව අනතුරුදායක අඩියකට ඇද දමන ක්‍රියා නවත්වන ලෙසයි තායිවානය චීනයෙන් ඉල්ලා ඇත්තේ.

තායිවානයේ වෙරළාරක්ෂක බළකායට අනුව, චීන නෞකා චීනයේ ෂියාමෙන් සිට කිලෝමීටර් පහක් දුරින් පිහිටි තායිවානයේ කිංමෙන් දූපත ආසන්නයට පැමිණ තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ තායිවානයේ ජනාධිපති ලෙස තේරී පත් වූ ලයි චිං ටේ එම ධූරයේ දිව්රුම් දීම සඳහා මැයි 20 පැවැත්වීමට නියමිත රාජ්‍ය උත්සවයට සති දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදීයි.

ස්වයං පාලන ප්‍රජාතන්ත්‍රවාදී තායිවානය තම භූමියේ කොටසක් ලෙස චීනය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම තායිවානය චීනයේ පාලනය යටතට ගැනීමට බලය යොදා ගැනීම වුව ද ප්‍රතික්ෂේප නොකරන බවයි චීනය පවසා ඇත්තේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here