චීන අභ්‍යාවකාශ වැඩසටහන කොයිබටද? – Saru News Media

0
14

“අහසින් තරුවක් කඩා වැටීලා… තරුව කතා නැහැ…” කියලා මාලනී බුලත්සිංහල ගායනා කරන ගීතයක් තියෙනවා. ඒ වගේ පහුගිය දවසේ අහසින් යමක් කඩා වැටෙයි කියලා ලාංකිකයින් බලා සිටියා. ඇමරිකාව, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව වගේ තැන් ගණනාවක් ගැන මත පළ වුණත් ඒ චීන රොකට්ටු​ව අපේ ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්න මූදට දොග් ගාල වැටුණා. කාටවත් අනතුරක් නැහැ. ඒත් ඒ ගැන කතාබහ ලොව පුරා ඇතිවුණා.

 

චීනයෙන් ගුවන්ගත කළ ලෝන්ග් මාච් 5බී කියන රොකට් එක මැයි මුලදී ගුවන් ගත කළේ අනාගත ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකට අඩිතාලම දාන අදහසින්. එහෙත් අවාසනාවන්ත විදිහට ඒ රොකට් එක සහ ආම්පන්න අදාළ තැනට කක්ෂගත කරන්න බැරි වුණා. කාර්මික දෝෂයක් නිසා අඩපණ වුණු දෙවනි අදියරේ කොටසක් පෘථිවියට කඩා වැටෙන්නට නියමිත වුණා. එය කඩා වැටෙන තැන ගැන විවිධ අදහස් පළ වුණා. ඒ වැටෙන තැන් අතර සමකාසන්න තැන් වලට වැඩි ප්‍රමුඛතාවයක් ලැබුණා. කොහොම වුණත් මැයි 9 වැනිදා රොකට් එක මාලදිවයිනට නුදුරු මූදට කඩා වැටිලා තිබුණා.

 

 

චීන අභ්‍යාවකාශ මෙහෙයුමේ එක් අදියරයක් තමයි අඟහරු තරණය කිරීම. අඟහරු ග්‍රහයා වෙත යානාවක් යවලා පස් සාම්පලයක් ගෙන්වා ගන්නත් චීනය දැනට සමත් වෙලා තියෙනවා. එතනින් එහාට ගිහින් අඟහරු ගවේෂණයට චීනය ක්‍රියාත්මක වෙද්දි ඔවුන්ට අඟහරු වෙත යවන යානා එක්ක සන්නිවේදන කටයුතු කිරීම ප්‍රශ්නයක්. ඒ සඳහා භූ ස්ථාවර චන්ද්‍රිකා වගේම මේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙනුත් යම් කාර්යයන් කරන්නට නියමිතව තිබුණා. එහෙත් හදිසියේ ඇතිවූ දෝෂයකින් මේ 2021 මැයි මස නිකුත් කිරීමට තිබූ කොටසක් කඩාගෙන වැටුණා. මෙතනදි ඇත්තටම ගෙනගිය ස්පේස් ස්ටේශන් එකට අදාළ කොටස් ගාණට කක්ෂගත කරලා තියෙනවා. ඒත් ඒ බඩු ගෙනගිය යානාව කිසිදු මෙහෙයවීමක් නැතුව කඩාගෙන වැටිලා තිබුණා.

 

 

මේ මෑතකදි වැටුණු රොකට් එක කියන්නේ ඒ අදාළ රොකට් වැඩසටහනේ එක් රොකට්ටුවක් පමණයි. මුලදී කියා තිබූ කාරණා අනුව මෙම වැඩසටහනට විශාල රොකට් ගුවන්ගත වීම් 11ක් පමණ ඇතුළත් වුණා. චීනය 2003 දී චීන ජාතිකයෙකු ඔවුන්ගේ තාක්ෂණයෙන් අභ්‍යාවකාශයට යැව්වා. අභ්‍යාවකාශයට මිනිසුන් යවලා හුරු පුරුදු කරන වැඩසටහනකුත් මේ එක්කම ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ අභ්‍යාවකාශයේ දී හැසිරෙන, වැඩකරන හැටි හුරු කරන්න චීනය දැනටම අභ්‍යාවකාශගාමීන් හුරු කරමින් සිටිනවා. අනාගත පර්යේෂණ කටයුතු සඳහා වගේම අභ්‍යාවකාශ ගමන් සඳහා පුහුණු කටයුතු කරන්නත් මේ ලෝන්ග් මාච් වැඩසටහන හේතු වෙනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here