චීන ජාත්‍යන්තර නිවුන් මහා සමුළුවට යන ශ්‍රී ලාංකික නිවුන්නු – Saru News Media දේශීය පුවත්

0
18

චීනයේ පැවැත්වීමට නියමිත නිවුන් මහා සමුළුවට ශ්‍රී ලංකාව ද නියෝජනය කරනවා.

මෙම සමුළුවට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 6 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොලෙන් පිටත්ව ගියා.

ජාත්‍යන්තර නිවුන් මහා සමුළුව චීනයේ යුනාන් ප්‍රාන්තයේ මොජෑන් නුවරදී හෙට ආරම්භ වනවා.

රටවල් 57 ක නිවුන් පුද්ගලයන් ලක්ෂයක් සහභාගී වන මෙම සමුළුව ලබන 4 වනදා දක්වා පැවැත්වෙනවා.

මොජෑන් නුවර ඉපදෙන දරුවන්ගෙන් සැළකිය යුතු පිරිසක් නිවුන් දරුවන් වීම  හේතුවෙන් එම ප්‍රදේශය මෙම සමුළුව සදහා තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලබන නොවැම්බර් 24 වනදා ශ්‍රී ලංකාවේදී ද ලෝක නිවුන් සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here