ජනපතිට සන්දේශයක් – Saru News Media දේශීය පුවත්

0
13

නව සන්ධානයේ ඒකාබද්ධ වෘත්තිය සමිති කේන්ද්‍රය මඟින් අද විශේෂ සංදේශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණා.

මැයි 9 වන දිනට අරගලයට වසර දෙකක් පිරීම හා මෙරට දේශපාලන ගමන් මග වෙනස් කිරීම වෙනුවෙන් ප්‍රධානය කරනු ලබන ඓතිහාසික ජනතා සංදේශය ලෙස එය නම් කර තිබුණා.

අරගලය පැවති කාලයේ ජනතාව මුහුණ දුන් අතිශය බිහිසුණු ආර්ථික සමාජීය අර්බුද විසින් නිර්මාණය කළ ජනතා අරගලයට වසර දෙකක් සපිරෙන අද දවස වන විට රටේ ජනතාවගෙන් බහුතරයක් සතුටින් තැබිමේ ගෞරවය ජනාධිපතිවරයා වෙත පිරිනැමීම මෙම සංදේශය භාරදීමේ ප්‍රමුඛ අරමුණ වුණා.

ජනාධිපතිවරයා රට වෙනුවෙන් සිදුකළ කැපකිරීම් / දුෂ්කර තීන්දු තීරණ ගැනීම් අගය කිරීම මෙහි තවත් අරමුණක් වී තිබුණා.

ඉදිරි කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව ආසියාවේ සංවර්ධිත රටක් ලෙස ශක්තිමත් රාජ්‍යයක් බවට පත්කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි සංදේශය පිරිනමමින් ඔවුන් සුභාසිංශන එක්කර සිටියා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here