ජනපති සහ බැසිල් අතර තවත් හමුවක්- මිලින්දත් එක්වේ 

0
9

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ  (04) පස්වරුවේ පවත්වා ඇත. 

ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිල නිවසේ ඊයේ පස්වරු 4.30 ආරම්භ වූ එම සාකච්ජාවට හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ ද සහභාගී වී ඇත. 

මෙහිදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද දීර්ඝ සාකච්ඡා කර ඇතිබව වාර්තාවේ.

 

ප්‍රථමයෙන් මහ මැතිවරණය පැවැත්වීමට බැසිල් රාජපක්ෂ විසින් මෙම සාකච්ඡාවේ දී යලිත් වරක් කරනු ලැබූ යෝජනාව ජනාධිපතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ද පැවසේ.

 

ජනාධිපතිවරයාට සහාය දක්වන ප්‍රධානතම පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා පසුගිය දා ආරම්භ කෙරුණු අතර ඒ පිළිබඳව දේශපාලන කේෂ්ත්‍රයේ වැඩි අවධානයට ලක් ව ඇත. 

බැසිල් රාජපක්ෂ සමග ඊයේ පැවති සාකච්ජාව ඉතා සුහදශීලි වූ බවත්, ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මනා අවබෝධයක් ලබාගැනීමට එම සාකච්ජා විශාල පිටුවහලක් වී ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

 
 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here