ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

0
19

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගේ අත්සනින් අද නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ එම ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 17 සහ 2024 ඔක්තෝබර් 16 දින අතර කාලය තුළ පවත්වන බවයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දින නියම කිරීමට සිය කොමිසම වෙත පැවරී ඇති බලතල අනුව, එය සිදුකරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here