ජනාධිපති සවන් නොදුන් ආණ්ඩුවේ බාධා මැද විපක්ෂ නායක කළ කතාව

0
19

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ දී අද (09) සිදු කළ විශේෂ ප්‍රකාශයට විපක්ෂ නායක විසින් කළ පිළිතුරු කතාවට

ආණ්ඩු පක්ෂය විසින් බාදා පමුණුවා ඇති අතර ජනාධිපතිවරයාට ද ඊට සවන් නොදී පාර්ලිමේන්තුවෙන් පිට ගිය බවට විපක්ෂය චෝදනා කරයි.

ජනාධිපතිවරයාගේ කතාව තුළ ගිණිගත් රටක් බාර ගත් බව, සමහරු අභියෝග බාර නොගන ඉන්න විට ඔහු අභියෝග බාර ගත් බවට පැවසු නමුත් ද වන විට රටේ සාමාන්‍ය තත්ත්වයක් නොමැති බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

රටේ ඇත්තේ නව සාමාන්‍යකරණයක් බවත් මේ නව සාමාන්‍ය තුළ ආර්ථිකය වර්ධනය වනවා වෙනුවට ආර්ථිකය සංකෝචනය වී කුඩා වී ජනතාවගේ ජන ජීවිත හැකිලී ඇති බව ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

ජනතාව තුළ අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය වී දුප්පත්කම වැඩි වී විරැකියාව වැඩි වී තෙල් මිල, ගෑස්, විදුලි බිල් ආදිය වැඩි වී ඇති බවට ඊට අමතරව ව්‍යාපාර කඩා වැටී ළදරු හා මව්වරුන්ගේ මන්දපෝෂණය වැඩි වී බහුවිධ අවදානම් තත්ත්වයක් ඇති බවට ජාත්‍යන්තර සංවිධාන පවා වාර්තා නිර්මාණය ඉදිරිපත් කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

යුනිසෙෆ් ආයතනය, ලෝක ආහාර සංවිධානය ආදී සංවිධානවල වාර්තා තුළින් පැහැදිලිවම මෙරට ජනතාව මුහුණ දෙන දරාගත නොහැකි අසීමිත අසහනයක් විඳදරා ගත නොහැකි පීඩනයක් පෙන්වා දෙන කී විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා නිර්මාණය වූ යැයි කියන සාමාන්‍යකරණය නිර්මානය වී ඇත්තේ ජනතාවගේ කරපිට හිසමත අති දැවැන්ත පීඩනයක් නිර්මාණය කරමින් බව පැවසීය.

ජනාධිපතිවරයා පෙන්වා දුන් අස්වැසුම වැඩසටහන සාධනීය තිරසර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නොවන බවත් එහි නිෂ්පාදනය, පාරිභෝජනය, ඉතිරි කිරිම, ආයෝජනය, අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ගැන සඳහන් නොවන බව ද හෙතෙම කියා සිටියේය.

ඉන් යම් කිසි කාලයකට මුදල් ලබා දීමක් පමණක් සිදුවන බවත් අවම වශයෙන් දරිද්‍රතා රේඛාව හඳුනා ගෙන හෝ නොමැති බවත් මේ සම්බන්ධ විද්‍යාත්මක සමීක්ෂණයක් සිදුවිය යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.
 

 

 
 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here