'ජයගමු ශ්‍රී ලංකා' දෙවන දිනටත් රත්නපුරයේදී – Saru News Media උණුසුම් පුවත්

0
24

රැකියා සඳහා විදෙස්ගත වන්නන් මෙන්ම දැනට විදෙස්ගතව සිටින අය වෙනුවෙන් ක්‍රියාත්මක ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්‍රික් ව්‍යාපෘතියේ දෙවන දිනය අදයි.

රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණේ අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ හා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

තරුණ පිරිස් සදහා වෘත්තීය මාර්ගෝපදේශකත්වය සැපයීම මෙහිදී සිදු වනවා.

එමෙන්ම ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා ලියාපදිංචි කිරීමද සිදු වන්නේ මීට සමගාමීවයි.

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසකම සේවාවන් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ලබාගත හැකි වනවා.

අද දිනයේද විශාල පිරිසක් ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන සඳහා එක්ව සිටිනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here