ජාත්‍යන්තර කම්කරු දිනය අදයි – Saru News Media උණුසුම් පුවත්

0
17

ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.

මැයි දිනය ආරම්භ වුණේ 1886 වර්ෂයේ දීයි.

ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ හතලිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත්වුවා.

මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධාන කළ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්දනය කිරීමට පැමිණි පිරිස් හා කම්කරුවන් අතර ගැටුම් පවා හටගත්තා.

එහිදී පොලීසිය කළ වෙඩි තැබීමට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර මධ්‍යම චතුරස්‍රයේ යෝධ රැළියක් සංවිධාන කිරීමටයි කටයුතු කෙරුණේ.

දිනකට පැය අටක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 මැයි පළමුවනදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here