Google search engine
Home ගොසිප් පුවත් ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය සතුව නැතිලු

ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය සතුව නැතිලු

0
12

international-school-data

විදේශීය සිසුන් නොමැතිව ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යන බවත් ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් වල තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය සතුව නොමැති බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) දී අනාවරණය විය.අධ්‍යාපන අමාත්‍යාංශය කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ හෙළි විය. ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් නියාමනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ලබා දී ඇති උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කර නොමැති බවට කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා මෙහිදී චෝදනා කර සිටියේය.

කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න – පෞද්ගලික පාසල් නියාමනය වෙන්නේ කොහෙන්ද?

සබරගමුව පළාත් අධ්‍යක්ෂ – ඉසුරුපායෙන්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් උදාරා දික්කුඹුර – රජයේ අනුමත පෞද්ගලික පාසල් විතරයි අපෙන් අධීක්ෂණය වෙන්නේ. ජාත්‍යන්තර පාසල් වල සංඛ්‍යාලේඛන අපිට ගන්න ක්‍රමවේදයක් නෑ.

කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න – ක්‍රමවේදයක් නෑ කියලා හරියන්නේ නෑ. කොහෙන් හරි ගන්න ඕනෑ. පෞද්ගලික පාසල්වලයි ජාත්‍යන්තර පාසල්වලයි තොරතුරු ලබා දෙන්න කවුරුත් බැඳිලා ඉන්නවා. එහෙම නැතිවෙන්න බෑ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා

ජයසුන්දර – රේජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව යටතේ ගොඩක් පෞද්ගලික පාසල් ලියාපදිංචි වෙන්නේ කොම්පැණි විදියට. ඒ අය කිසිදු තොරතුක් ප්‍රකාශ කරන්නේ නෑ අධ්‍යාපන අමාත්‍යාංශයට, අපි ඒ තොරතුරු ගන්න වැඩපිළිවෙළක් හදන්න ඕනෑ.

කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න – ජාත්‍යන්තර පාසල් තරගාවලිවලට සම්බන්ධ වෙනවානේ. අපි මේ ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් ලියාපදිංචි නෑ කියලා හරියන්නේ නෑනේ.

දැන් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පාසල් නියාමනය සම්බන්ධව මේ වන විට ඔයාලට උපදෙස් ලබා දීලා තියෙනවා. කිසිදු උපදෙසක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරලා නෑ.

විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීනී – කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික පාසල් නියාමනය සම්බන්ධයෙන්. ඒක අපි පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙන වාර්තාවක්. ඒ සම්බන්ධයෙන් තියෙන නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක වෙලා නෑ.

කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න – මොන ජාත්‍යන්තර පාසල්වලින්ද තොරතුරු දෙන්න බෑ කියලා තියෙන්නේ ?

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර – ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් කිසිදු තොරතුරක් දෙන්නේ නෑ. මොකද නීතියක් නෑ ඔවුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු දෙන්න කියලා, රටක් විදියට රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක සහ මොකක්ද තියෙන නීතිය කියලා එකක් නැතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් සමහර වෙලාවට කරන්න දෙයක් නැහැ. කිසිදු ආකාරයට නීතියක් නැහැ සමාගම් රෙජිස්ටාර් යටතේ සම්බන්ධ වෙලා ඉන්න,

රෙජිස්ටර් වෙලා ඉන්න පාසල්වල තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට දෙන්න ඕනෑ කියලා. ඒ වගේම තමයි රෙජිස්ටර් ජනරාලුත් බැඳිලා නෑ ඒ සම්බන්ධයෙක් කිසිදු දෙයක් ලබා දෙන්න.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි පිරිස්යාල – ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිකුත් කරපු ලිපියක් තිබෙනවා ජාත්‍යන්තර පාසල් කියලා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ විදේශ ළමයි ඉන්නවා නම් විතරයි කියලා. නමුත් සමහර පාසල් ජාත්‍යන්තර කියන වචනේ පාවිච්චි කරනවා. නැත්තන් ඇත්තටම ඔවුන් පෞද්ගලික පාසල්.

කෝපා කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරිය හරිණි අමරසූරිය – ජාත්‍යන්තර ළමයි නැති ජාත්‍යන්තර පාසල් පවත්වාගෙන යන්නේ කොහොමද?

කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න – ජාත්‍යන්තර පාසල් අපේ රටේ විවෘත කළේ බී.ඕ.අයි සහ තානාපති කාර්යාලවලට අයට විතරනේ. දැන් ඒ කට්ටිය නැහැ කියූ සියලු අය ඉන්නේ ඒකෙනේ.

දිනේෂ් සමරකෝන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here