ජාතික ගුරු සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය – Saru News Media දේශීය පුවත්

0
5

ජාතික ගුරු සභාවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ගුරුවරුන්ගේ වෘත්තීයභාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි අරමුණයි.

ජාතික ගුරු සභාවක් පිහිටුවිය යුතු බවට  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිරාමුව මගින් යෝජනා කර තිබුණා.

අනෙකුත් වෘත්තීය සේවා හා ජාත්‍යන්තර අත්දැකීම් සැලකිල්ලට ගනිමින් ජාතික ගුරු සභාව පිහිටුවීම පිළිබද අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ පාර්ශ්වකරුවන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

අනතුරුව සකස් කර ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ජාතික ගුරු සභාවක් පිහිටුවීම සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

මේ අතර මන්නාරම හා පුනරීන් හි මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සංවර්ධනය සදහා ඉන්දීය සමාගමක් සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමේ යෝජනාවක් ද කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඒ අනුව වසර 20ක කාලසීමාවක් සදහා විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය එම සමාගමට පිරිනැමීමට නියමිතයි.

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වත්මන් අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයටයි. මේ සදහා වන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්,  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවුණා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here