ජාන සොරකමක් – යාලේ ජාන රටින් පන්නන්න හදලා – Saru News Media දේශීය පුවත්

0
8

අප රට පාලනය කළ විදේශිකයන් එදා අපේ රටේ සම්පත් කොල්ල කෑ බව රහසක් නොවෙයි. ඊට නොදෙවෙනි සොරකමක් පිළිබඳ අප වාර්තා වුණේ යාල රක්ෂිතයෙන්.

මෙරටට පැමිණි ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු යාල රක්ෂිතයේ සමනලුන් ඇතුලු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදි සිටියදී වනජීවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

යාල සෆාරි ජීප් රථ රියදුරෙකුගෙන් ලද තොරතුරකට අනුව කළ සොදිසියකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සමනලුන් / බත්කූරන් ඇතුලු කුඩා කෘමින් අල්ලා මරණයට පත්කර රසායනික ද්‍රව්‍ය යොදා අසුරා විදේශ රටකට ගෙන යාම සදහා සුදානම් කර තිබු බහලුම් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ මොටර් රථ පරීක්ෂා කිරිමේ දී අල්ලා ගත් සමනලුන් බෝතල්වල බහා තිබෙන ආකාරය දැක එහිදී කළ ප්‍රශ්න කිරීම් අනුව දින කිහිපයක් තුළ ජිවග්‍රහණයෙන් අල්ලා මරණයට පත්කළ ජීවින් වර්ග 400කට ආසන්න සංඛ්‍යාවක් රසායනික ද්‍රව්‍ය යොදා අසුරා තිබිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 4 වන දා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති මෙම විදේශිකයින් පිය පුතු දෙපළක් වන අතර ඔවුන් 58 සහ 28 හැවිරිදි වියේ පසුවන්නන් බවයි හෙළිව තිබෙන්නේ.

ඔවුන්ගේ ගමන් මලුවල තිබි රසායනික ද්‍රව්‍ය සහ සතුන් දඩයම් කිරීමට භාවිත කරන විද්‍යුත් උපකරණ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා ජාන සොරකම් කිරීම පිළිබද විශේෂඥ දැනුම ඇති දෙදෙනෙක් බවටයි අනාවරණය කර ගෙන ඇත්තේ.

ලංකාවට පැමිණිමෙන් පසු මිරිස්ස තංගල්ල ආදි ප්‍රදේශවලත් සතුන් දඩයම් කර ඇති බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

වනජීවි වෘක්ෂලතා ආඥා පනතට අනුව ආරක්ෂිත කොදුඇට පෙළ රහිත ගණයට වැටෙන මෙම සතුන් සියල්ල ආරක්ෂිත සතුන් බවත් ආවේණික සහ ආවේණික නොවන සතුන් ද මේ අතර සිටින බවත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here