Google search engine
Home ගොසිප් පුවත් ඩුබායිදී අත්අඩංගුවට පත් ‘මන්නා රමේෂ්‘ කටුනායකින් දිවයිනට

ඩුබායිදී අත්අඩංගුවට පත් ‘මන්නා රමේෂ්‘ කටුනායකින් දිවයිනට

0
8

manna-ramesh-from-dubai-to-colombo

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී රතු වරෙන්තු මත එරට දී අත්අඩංගුවට ගැනුණු  පාතාල නායක ‘මන්නා රමේෂ්‘ හෙවත් රමේෂ් මිහිරංග  අද (7) උදෑසන මෙරටට රැගෙන ආ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. විශේෂ පොලිස් කණ්ඩායමක් සමග ආරක්ෂිතව රැගෙන ආ මන්නා රමේෂ් මෙරට අත්අඩංගුවට පත්වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර රඳවා ගැනීමට පොලිසිය අපේක්ෂා කරයි.

අවිස්සාවේල්ල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක ව අපරාධ රැසකට වගකිව යුතු මන්නා රමේෂ් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගැනීම හා මිනීමැරීම්  සිදුකර තිබුණි.
 රත්නපුර ඇහැලියගොඩ කෝටිපති මැණික් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම, මිනිමැරුම් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වූ අයෙකි.

මෑතකදී තල්දූවේදී  අවමංගල්‍යයකට සහභාගි වී  ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයන් සිව්දෙනකුට  වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කළ මහේෂ් නමැත්තා පොලිස් වෙඩි පහරින් මිය යෑමෙන් පසු මන්නා රමේෂ් ඩුබායි සිට එම මෙහෙයුමට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවට වාර්තා විය.
මන්නා රමේෂ් ගැන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු කොට්ඨාසයට භාර දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here