තමන්ගේ දියුණුව තමන්ටම කරගන්න උදවු වෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් කීපයක්! – Saru News Media

0
12

දැන් ගොඩක් මිනිස්සු ගත්තහම ඇත්තටම කරන්නේ ඔහේ ජීවත් වෙන එකනේ. හා නැද්ද? ඉතාම සීමිත පිරිසක් තමයි හිතන්නේ තමන්ව ගොඩනගා ගන්න එක, වර්ධනය කරගන්න එක, දියුණුවක් ඇති කරගන්න එක ගැන. දැන් එහෙම හිතුවට ඒක කරන්නත් එපැයි. ඒකට එක්කෝ ඒ සඳහාම ඉන්න උපදේශකයෙක් ගාවට යන්න පුළුවන්. ඔය ලයිෆ් කෝච්ලා කියලා කියන්නේ අන්න ඒ අයට. එහෙම නැතිනම්, අපිට පුළුවන් අපි විසින්ම අපේ වැඩි වර්ධනය, ගොඩනැගීම, දියුණුව සිද්ධ කරගන්න. ඇත්තටම ඒකට තමයි self help කියලා කියන්නේ. හැබැයි ඉතින් ඕක නිකම්ම හිතුවා, කළා ටයිප් එකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකටත් අපිට පිටින් යම් කිසි උදවුවක් ඕන. ඒ කියන්නේ අඩු ගාණේ ඒ වැඩේ කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් භාවයක් ඕන. ආන්න ඒ දැනුවත් භාවය ලබාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඇප්ස් එහෙමත් දැන් තියෙනවා. ඉතින් අපි ඒ ඇප් එකක් දෙකක් දාගෙන බලමුද, කොහොමද තමන් විසින්ම තමන්ව ගොඩනගන්නේ කියලා?

 

සමහර වෙලාවට අපිට අපිව ගොඩනගාගන්න, අපේ ඉලක්ක වලට යන්න අපිටම පුහුණුවක් ලබාදෙන්න තනියෙන් බැහැ. ඒකට කෝච් කෙනෙක් අවශ්‍ය වෙනවා. ආන්න ඒ කෝච් කෙනෙක්ගේ සහාය ලබාදෙන්න පුළුවන් ඇප් එකක් තමයි Coach.me කියන්නේ. මේ ඇප් එකෙන් ප්‍රධාන වශයෙන් අපේ ජීවිතේට හොඳ පුරුදු නිර්මාණය කරගන්න සහ කළමනාකරණය කරගන්න අවශ්‍ය මෙවලම් ලබාදෙනවා. අපිට අපේ තියෙන පුරුදු ට්‍රැක් කරමින්, ඒවායින් හොඳ ප්‍රතිඵලයක් ජීවිතේට ලබාගන්න පුළුවන් විදියට ඒවා හැඩගස්වා ගනිමින් ඉස්සරහට යන්න පුළුවන්. අවශ්‍ය නම්, අපිට තනියෙන්ම වැඩේ ගොඩදාන්න බැහැයි කියලා හිතෙනවා නම්, Coach.me එකත් එක්ක එකතුවෙලා ඉන්න ප්‍රජාවගෙන් උදවු ලබාගන්නත් ඇප් එක තුළින්ම පුළුවන්. මේ ඇප් එක ඇත්තටම මිනිස් හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයන් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

 

තමන්ගේ ඉලක්කයන්ට, අරමුණු වලට යන එක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඒකට හොඳ සංවිධානාත්මක බවක්, අවධානයක් සහ ඵලදායීත්වයක් ඕන. අන්න ඒකට උදවු කරන ජනප්‍රිය ඇප් එකක් තමයි මේ Remente කියන්නේ. මේ Remente ඇප් එකේ විවිධ මොඩියුල්ස් තියෙනවා. goal plans, personal development articles, journal, planner, goal settings guide වගේ ඒවා තමයි ඒ මොඩියුල්ස්. ඒ ඇරෙන්න හොඳ සන්නිවේදනයක් කරන්නේ කොහොමද, නායකත්වය දරන්නේ කොහොමද වගේ කරුණු කාරණා ගැන අපිට විවිධ ටිප්ස් එහෙමත්මේ ඇප් එක ඇතුළේ ලබාදෙනවා. එතකොට අපේ දවස සැලසුම් කරගන්න, අපේ මානසික සෞඛ්‍යය හොඳද කියලා ට්‍රැක් කරන්න එහෙමත් මෙවලම් ඇප් එක ඇතුළේ තියෙනවා. මේ ඇප් එක ෆ්‍රී වුණාට, සමහර මොඩියුල්ස් මුදල් ගෙවලා ගන්න සිද්ධ වෙනවා. ඒත් පාඩු නෑ හැබැයි!

 

අපේ ලයිෆ් ගෝල්ස් වලට යනකොට, අපිව ගොඩනංවා ගන්නකොට තියෙන පළවෙනිම කාරණයක් තමයි හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන එක. ඒ මානසික සෞඛ්‍යය ගොඩනංවා ගන්න එකත් අපේ වර්ධනයට, දියුණුවට හරිම වැදගත්. ආන්න ඒ නිසාම තමයි මේ Youper – Mental Health ඇප් එකත් අපේ self help ඇප් ලිස්ට් එකට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මේ ඇප් එකෙන් අපේ අපේ මානසික ආතතීන්, විෂාදමය තත්ත්වයන් ගැන අවධානයෙන් ඉන්නවා වගේම, අපිට ඉදිරියට අපිව අරගෙන යන්න හොඳ මෝටිවේෂන් එකක් ලබාදීම වගේ දේවලුත් සිද්ධ වෙනවා. මේ ඇප් එක නිර්මාණය කරපු අය කියන්නේ, Youper එකෙන් උදවු කරන්න ආටිෆිෂන් ඉන්ටෙලිජන්ට් එකක් තියෙනවා කියලා තමයි. දවස ගා​ණේ Youper ඇප් එකෙන් අපෙන් ප්‍රශ්න අහලා යම් කිසි තක්සේරුවකට එනවා අපේ මෙන්ටල් හෙල්ත් එක ගැන. ඊට පස්සේ ඒක සමබරව පවත්වාගෙන යන්න අපිට සැලසුම් හදලා දෙනවා.

 

ඔය අපේ පුරුදු කියලා අපි කියන්නේ, ආන්න ඒවා ඇත්තටම ගොඩක් වෙලාවට බැලූ බැල්මට සරලයි. උදාහරණයක් විදියට කිව්වොත්, උදෑසනම අවදි වීම කියන්නේ සංකීර්ණ දෙයක් නෙවෙයිනේ. බොහොම සරල පුරුද්දක්. හැබැයි ඒ පුරුද්දෙන් අපේ දවසම ප්‍රබෝධවත් කරගන්න, අපේ වැඩ කටයුතු කාර්යක්ෂමව කරගන්න ඉඩ ලබාදෙනවා. එතකොට මේ Simple Habit Meditation ඇප් එකෙන් කරන්නේ, අන්න ඒ වගේ අපේ ජීවිතේ පුරුදු, හැසිරීම් වෙනස් කරගන්න, වැඩිවර්ධනය කරගන්න භාවනාවෙන් උපකාරයක් ලබාදෙන එක. භාවනාව කිව්වහම ඔය සුදු රෙද්දක් ඇඳගෙන පලක් බැඳගෙන භාවනා කිරීම විතරක් නෙවෙයි. අපිට එදිනෙදා වැඩ කරන ගමනුත් භාවනා කරන්න පුළුවන්. ආන්න ඒ විදියට අපේ චර්යාවන් සහ දෛනික පුරුදු වැඩිදියුණු කරගන්න සරලව භාවනාව උපයෝගී කරගන්න විදිය තමයි Simple Habit Meditation ඇප් එකෙන් කියලා දෙන්නේ.

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here