තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා පිහිනන්න ගිය අයෙකු මියයයි…

0
19

තලෙයිමන්නාරම් සිට ඉන්දියවේ ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්වා වූ මුහුදු සීමාව පිහිණමින් තරණය කිරීමින් සිටි ඉන්දියානුවන් 31 දෙනෙකුගෙන් ඒක් අයෙකු පිහිනමින් සිටියදී ඇති වූ හදීසි රෝගි තත්වයක් හේතුවෙන් මිය ගෙස් ඇතැයි රාමේෂ්වරන් පොලීසිය ඉන්දීය මාධ්‍ය වෙතට පවසා ඇත.

අදාල ඉන්දියානුවන් ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට තලෙයිමන්නරම් දක්වා බොට්ටුවකින් පැමිණ තලෙයිමන්නරම් සිට ධනුෂ්කොඩි අරිචල්මුනෙයි දක්ව වූ මුහුදු සීමාව පිහිනා තරණය කිරීම ආරම්භ කරන ලදි.

එහිදී 31 දෙනාගෙ කණ්ඩායමේ වායෝවෘද්ද පුද්ගලයෙකු වූ 78 හැවිරිදි ඉන්දියාවේ බැංගලෝරයේ පදිංචි ගෝපාල් රාඔි හට පිහිනමින් සිටයදී පපුවේ ඇති වූ හදීසි රෝගී තත්වයක් හේතුවෙන් පිහිනීම නවතා ඔවුන්ගේ බෝට්ටුවට ඇතුල්කර ගත්තද බොට්ටුව තුලදී මිය ගොස් තිබුණි.

මේ හේතුවෙන් ධනුෂ්කෙඩි දක්වා පිහිණමින් සිටි අනෙක් ඉන්දීය ජාතිකයින් 30 දෙනාද ඔවුන්ගේ පිහිනීම නවතා නැවත බේට්ටුව මගින් ධනුෂ්කොඩි දක්වා ගොස් ඒ පිළිබඳව රාමේෂ්වරන් පොලීසියට දැනුම් දෙනු ලැබීය.

අනතුරුව සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලි වී ඇත්තේ මරණකරුට පිහිනමින් සිටියදී හදීසියේ ඇති වූ හෘද රෝගී තත්වයක්‌ හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.

කෙසේ වෙතත් අදාල සිද්ධිය ස්මබන්ධයෙන් පිහිනීමට ගිය 30 දෙනාගෙන්ම ප්‍රකශ ලබාගෙන පුලුල් පරික්ෂණයක් ආරම්භ කිරීමට රාමේෂ්වරන් පොලීසිය විසින් පියවර ගෙන තිබුණි

– වන්නි රොමේෂ් මධූෂංඛ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here