තහනම් වැඩ කළාම වැඩ වරදිනවා – Saru News Media දේශීය පුවත්

0
19

තහනම් දැල් භාවිතයෙන් නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ 14 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රා 4ක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරුණා.

එහිදී තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ 14 දෙනෙකු සහ යාත්‍රා 4ක් නාවික හමුදා භාරයට ගැණුනා.

ධීවර දැල් ඇතුළු උපකරණ ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් මුතූර් / කින්නියා සහ වෙල්ලමානල් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉදිරි නීතිමය කටයුතු සදහා ඔවුන් කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාරදී තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here