තැනට සුදුසු ලෙස පැලඳ සිටීමට ඔබට පහසු Heel Shoes තෝරා ගන්නේ මෙහෙමයි.. – Saru News Media

0
9

අපි හරිම කැමතියි විලාසිතා කරන්න. ෂොපින් යනකොට ලස්සන ඇඳුම්, හෑන්ඩ් බෑග්ස් සහ මේකප් තරමටම අපේ ඇහැ යන දෙයක් තමයි Heels..

අඩි උස පාවහන් දාලා හැඩට ඉන්න, ඇවිදින්න කැමති අපි කවුරුත් දැන ගන්න ඕනෑ කාරණා කිහිපයක් තියනවා.

කොහොමද Heels දෙකක් තෝරා ගන්නේ?

හරියටම කකුලට සෙට් ද?

මේක හරිම වැදගත්. ඇඟිලි වලට හිරයිද, කකුල් කැපෙනවා ද කියලා බලන්න. හිර පාවහන් ඔබට නොයෙකුත් ගැටලු ඇති කරනවා.

Heels වල උස කොහොමද?

සාමාන්‍යයෙන් කකුලට සුවපහසුයි කියන උස ප්‍රමාණය තමා අඟල් එක සහ අඟල් තුන අතර උසින් යුතු පාවහන්. මීට වඩා උස හීල්ස් සාමාන්‍ය ගමනට නොගැළපෙන්නේ ඒවායින් දැඩි පීඩනයක් කොන්ද ප්‍රදේශයටත්, දණහිසටත්, වළලුකරටත් ඇතිකරන නිසායි.

අලුත් ට්‍රෙන්ඩ් මොනවාද?

මේ දවස්වල ලෝකයේ ප්‍රවණතා නම් හැරෙන්නේ මෙන්න මේ විලාසිතාවලට.

Chain Accents

Chain-embellished leather slingback sandals

Pocena Chain Bootie

2 Chains Pumps

The New Loafer

මේ Style වලින් ආනයනය කරපු Heels වගේම අපේ රටේ නිපදවූ සපත්තු වර්ගත් වෙළඳපොළේ ඕනෑ තරම්.ඔයාට ගැළපෙන Style එක ඔයාම තීරණය කරන්න. උස සහ කකුලේ හැඩය එක්ක ඒ තීරණය ගන්නත් අමතක කරන්නම එපා.

Heels ගැළපෙන්නේ කාටද?

Office Ladies ලාට

ඔයා ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් ඔබේ ස්මාර්ට් පෙනුමට සහ පෞරුෂයට හීල්ස් හරිම වැදගත් වෙනවා.

පාටියකට හෝ උත්සව අවස්ථාවකට.

සාරියක් අඳින උත්සවයකට වගේම සමහර ගවුම් විලාසිතාවලටත් Heels වලින් අපූරු එළියක් ලැබෙනවා.

මේ තැන් වලට හීල්ස් හරියන්නේ නැහැ.

සාමාන්‍ය ගමන්.

සාමාන්‍ය ගමන් සහ ටියුෂන්, කැම්පස් එක වගේ තැනක හීල්ස් දැමීම එතරම් ගැළපෙන්නේ නෑ. හරියන්නේ කකුලට සුවපහසු දෙකක්.

ක්ෂේත්‍රවල රාජකාරි කරන්නියන්.

දුවලා පැනලා වැඩ කරන Site වල ඉන්න අය, කුඩා දරුවන්ට උගන්වන ගුරුවරියන්ටත් හීල්ස් වලින් ඇති වෙන්නේ බාධාවක් විතරයි.

පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නියන්.

හිර වෙලා ගමන් බිමන් යන බස්, කෝච්චි වල යන එනවා නම් හීල්ස් පාවිච්චිය පරෙස්සමින් කරන්න.

ගැබිණියන් සහ කුඩා දරුවන්ගේ මව්වරු.

වැටීම් නිසා අනතුරු විය හැකි නිසා මේ අයටත් හීල්ස් හරියන්නේ නෑ.

හැබැයි, ඔයාලට හරියන අපූරු විලාසිතාත් තියනවා. අන්න ඒ සපත්තු, සෙරෙප්පු විලාසිතා ගැනත් ඉක්මනින් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Heels භාවිතා කිරීමේ වාසි තියනවා ද?

1.ඔබට උස පෙනුමක් ලබාගන්න පුළුවන්.

2. ශරීරයේ හැඩය ඉස්මතු කිරීම.

හීල්ස් දෙකක් පැළඳගත්තම ශරීරය S අකුරක ආකාරයට දිස් වෙනවා. ශරීරයේ ඉනෙන් උඩ කොටස ඉදිරියටත් ඉනෙන් පහළ කොටස පිටුපසටත් මදක් තල්ලුවීමක් සිදු වෙන නිසා ඔබේ සිරුර හැඩට පේනවා

3.පාදවල මේදය ක්‍රමයෙන් අඩු කර මාංශපේශි මනාව ක්‍රියාත්මක කරනවා

4.ආත්ම විශ්වාසය.

ඔබ උසින් අඩු කෙනෙක් නම් Heels දෙකකින් උස මතු කරගත්තම දැනෙන ආත්ම විශ්වාසය ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ.

උස අනුව එක එක අවස්ථාවට ගැලපෙන හීල්ස්

  • අඟල් 1.5ත් 2ත් අතර වෙන හීල්ස් ඕනෑම ගමනකට පළඳින්න පුළුවන් හීල්ස් වර්ගයක්.
  • අඟල් තුනක වගේ උස හීල්ස් කාර්යාලයට පළඳින්න හැකියි.
  • අඟල් 3, 4 අතර වගේ උසකින් පළඳින්න පුළුවන් හීල්ස් ඔබේ උත්සව අවස්ථාවලට ගැලපෙනවා. හැබැයි ඩාන්ස් කරන්න අදහසක් තියනවා නම් ඔබට Comfortable Heels දෙකක් තෝරා ගන්න එක හරිම වැදගත්.
  • ඔබ ටිකක් චබී නම් ඔබේ සිරුරේ සමබරතාවය ආරක්ශා කරන්න පුලුවන් Heels තෝරා ගැනීම වැදගත්. උල් අඩිය ඔබට ගැළපෙන්නේ නැහැ.

අඩි උස සපත්තු දැමීම හානිකර බව මත පළ වුණත් ඔබ ලස්සනට ඉන්න ආසා නම් ඔබට ගැළපෙන විලාසිතා තෝරා ගැනීම සහ ඔබේ පරිස්සම සලසා ගැනීම ඔබේ අයිතියක්. ඒ නිසා ලස්සනට ඉන්න.

Heels නිසා ඇති වෙන ගැටලු සහ ඒවාට විසඳුම් ගැන අපි තවත් දවසක කතා කරමු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here