දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් වී වසර 30යි – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
18

දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වී වසර 30ක් සම්පූර්ණ වනවා.

දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදය නිල වශයෙන් අවසන් කළ දිනය ලෙස 1994 වසරේ අප්‍රේල් 27 වන දින පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී සර්ව වාර්ගික මැතිවරණය සැළකිය හැකියි.

සැමරුම් උත්සවය ජනාධිපති සිරිල් රමපෝෂාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද මෙහිදී සිදු කෙරුණා.

පළමු ප්‍රජාතන්ත්‍රවාදී  මැතිවරණයේ සිට පාලක ඒ එන් සී පක්ෂය එරට පාලන බලය නතුකරගෙන සිටින අතර මෙවර මැතිවරණයේදී ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවී යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විරැකියාව හා ආර්ථික අපහසුතා ඉහළ යාම ඊට හේතුවී තිබෙනවා.

නෙල්සන් මැන්ඩෙලා නායකත්වය ලබා දුන් ජනප්‍රියතම පක්ෂය ලෙස ඒ එන් සී සැලකෙන අතර 1994 වසරෙන් පසු පළමුවරට බලය අහිමිවීමේ අභියෝගයකට ඔවුන් මුහුණ දි සිටිනවා.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here