දඹුලු සීගිරි දිහාවේ බලන්න, විඳින්න තිබෙන තැන් – Saru News Media

0
4

සීගිරිය බැලීම කියන්නේ කීප වතාවක් බැලුවත් ඇතිවෙන දෙයක් නෙමෙයි. සීගිරිය, පිදුරංගල වගේ පොඩි කඳු නගින එක අපේ සෞඛ්‍යයටත් හොඳ දෙයක්. ඉතින් මේ සීගිරි ගිහින් සීගිරිය බැලීමත් දඹුලු ගිහින් දඹුලු ලෙන් විහාර බැලීමත් බොහොම ජනප්‍රිය වෙච්ච සංචාරක අත්දැකීමක්. ඊට අමතරව ඒ පළාතේ කරන්න තියෙන්නේ, බලන්න තියෙන්නේ, විඳගන්න තියෙන්නේ මොනවාද කියලා අපි ටිකක් බලමු. 

 

රිටිගල ටිකක් දුරයි සීගිරියේ දඹුල්ලේ ඉඳලා. ඒත් රිටිගල කියන්නෙත් සීගිරිය වගේම තවත් එක ශේෂ කන්දක්. රිටිගල තියෙනවා ඓතිහාසික නටබුන්. සාමාන්‍යයෙන් නටබුන් අතර දකින්නට නොලැබෙන මහා විසාල පොකුණක් හෝ සුගතදාස ක්‍රීඩාංගණය වගේ විශාල පෞරාණික අංගනයක නටබුන් රිටිගල දකින්නට ලැබෙනවා. රිටිගල කියන්නේ දැඩි ස්වභාවික රක්ෂිතයක්. ඒ නිසා නටබුන් වලින් උඩට ගිහින් ගල උඩට නගින්න දෙන්නෙ නැහැ. එහෙම ගිහින් අහුවුනොත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි දඬුවම් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. 

 

යාල අලි බැලීමට වඩා කවුඩුල්ලේ අලි බැලීම අමුතු අත්දැකීමක්. මේ අලි ටිකක් දිග පළලින් වෙනස්. ඒ වගේම අලි බැලීම වගේම විශාල විල්ලු පරිසරයක් අපිට එහිදී දකින්නට ලැබෙනවා. ඒ විල්ලු පරිසරයේ අලංකාර කුරුල්ලන්, කුළු හරකුන් ආදියත් දකින්නට ඉන්නවා. සවස් කාලයට කවුඩුල්ල ජලාශයේ වතුර බොන්න එන අලි ළඟටම ගිහින් බලන්න කාලෙකදි සංචාරකයින්ට අවස්ථාව ලැබෙනවා. යම් අවස්ථාවන් වලදි අලි එලවීම්, පහරදීම් වාර්තා වෙලා තියෙන නිසා ටිකක් ඈත්වෙලා බලන එක කෝකටත් හොඳයි. 

 

 

කණ්ඩලම වැව කියන්නේ වැව් අතර තියෙන බැලිය යුතුම වැවක්. කණ්ඩලම වැවේ පැරණි ගස් ආදිය තවමත් වැව මැද කොටසේ ඉතිරි වෙලා තියෙනවා. මේ මතුවුණු තුරුහිස් වල විශාල කුරුල්ලෝ ලැගලා ඉන්නවා. ඒ වගේම එක යායට පේන ජල තලාව මොන කාලයකදීත් අපේ ඇස් වලට ගේන්නේ සුන්දර සිරියක්. වැව් බැම්ම මතින් දිවෙන පාර දිගේ එද්දි දෙපස බලාගෙන යන එක මනරම් අත්දැකීමක්. මේ විදිහට කුඩා වැව් කිහිපයක්ම සීගිරි දඹුලු දිහාවේ අපිට බලාගන්නට තියෙනවා.

 

කණ්ඩලම ජලාශයේ හෝටල මගින් කරන පොඩි බෝට්ටු සේවාවන් තිබුණාට සාමාන්‍යයෙන් හෝටලයේ නවතින්නේ නැති අයට ඒවාගේ අවස්ථා ලබාගන්න අමාරුයි. ඉබ්බන්කටුව ජලාශයේ වැව් බැම්ම සහ පිටවාන ආසන්නයේ තියෙනවා ‘සතුටු දූපත බෝට්ටු සවාරි’ කියලා තැනක්. ඒ හරහා ඉබ්බන්කටුව ජලාශය මැද තිබෙන කුඩා දූපතට අපිට යන්නට පුළුවන්. අක්කර හතරක විතර පොඩි වපසරියක තියෙන මේ දූපතට ගිහින් නාන්නත් පුළුවන්. දූපතට එන අයට කාල බීලා විනෝද වෙන්න පහසුකම් ආදියත් ඒ බෝට්ටු සපයන කාර්ය මණ්ඩලය විසින් සපයලා තියෙනවා. මේ බෝට්ටු සවාරි සැපයෙන්නේ හැබැයි දවල් වෙලාවට විතරයි. මහවැලියට අයිති ජලාශයක දූපතක් නිසා රෑට නවතින්න අවසර නැහැ. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here