දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළට – Saru News Media දේශීය පුවත්

0
19

පසුගිය මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

මහ බැංකුව ශුද්ධ පදනම මත දෙස් විදෙස් විනිමය වෙළදපොළෙන් සැළකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම නිල සංචිත ඉහළ යාමට හේතුවයි.

පසුගිය මාර්තු මාසයේ ශුද්ධ මැදිහත්වීම් ඇමෙරිකා ඩොලර් මිලියන 715ක් වු අතර මෙම වසරේ පළමු කාර්තුව තුළ ශුද්ධ මිලදී ගැනීම් ඇමෙරිකා ඩොලර් බිලියන එකයි දශම දෙකක් ලෙස සටහන් වුණා.

එමෙන්ම පසුගිය මාර්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම් පත් වෙළදපොළේ ඇමෙරිකා ඩොලර් මිලියන 10ක විදේශ ආයෝජනවල ශුද්ධ ගෙවීමක් වාර්තා වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වසරේ පළමු කාර්තුවේ දී ඇමෙරිකා ඩොලර් මිලියන 89ක සමස්ත ශුද්ධ ගෙවීමක් වාර්තා වු බවයි මහ බැංකුව සදහන් කරන්නේ.

යම් උච්චාවචනයන් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවතුණා.

ඒ අනුව පසුගිය 30 වනදා දක්වා වසරක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව 9.1%කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here