Google search engine
Home ගොසිප් පුවත් දිගටම ඇප ඉල්ලන කෙහෙළියට මෙවරත් සහනයක් නොලැබේ

දිගටම ඇප ඉල්ලන කෙහෙළියට මෙවරත් සහනයක් නොලැබේ

0
26

keheliya-bail-not-granted

ප්‍රමි­ති­යෙන් තොර හියු­ම­න්ඉ­මි­යු­නො­ග්ලො­බින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධි­යට අදා­ළව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල සහ වෛද්‍ය සැප­යුම් අංශයේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක මහ­ත්වරු ඇප මත මුදා හරින ලෙස කර ඇති අතුරු ඉල්ලීම් සම්බ­න්ධ­යෙන් නියෝ­ග­යක් නිකුත් නොකි­රී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (07) තීර­ණය කළේය. එම නියෝග ඊයේ ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

ඒ සඳහා අදාළ ඉල්ලීම ඇතු­ළත් පෙත්සම් අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ඩී.එන් සම­ර­කෝන් මහතා හමුවේ කැඳ­වන ලදි. එහිදී විනි­සු­රු­ව­රයා සඳ­හන් කළේ අදාළ නියෝ­ගය සකස් කිරීම සඳහා තමන්ට ප්‍රමා­ණ­වත් කාල­යක් නැති බවය. ඒ අනුව සුදුසු පිය­වර ගැනීම සඳහා අදාළ පෙත්සම් අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු නිශ්ශංක බන්දුල කරු­ණා­රත්න මහතා වෙත පෙත්සම් යොමු කිරී­මට තීර­ණය කළ බව ද විනි­සු­රු­ව­රයා සඳ­හන් කළේය. විනි­සුරු ඩී.එන්. සම­ර­කෝන් මහතා ඉදි­රියේ දී විශ්‍රාම ගැනී­මට නිය­මි­තය.

නඩු විභා­ගය අව­සන් වන තෙක් තමන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් දුන් නියෝ­ගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහතා සහ වෛද්‍ය සැප­යුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍ර­ම­නා­යක මහතා විසින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට මේ පෙත්සම් ඉදි­රි­පත් කර තිබුණි.

මේ පෙත්ස­ම්වල වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත්, අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රාර්, පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන්, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ, නීති­පති ඇතුළු පිරි­සක් නම් කර සිටිති.

පෙත්ස­ම්ක­රු­වන් සඳ­හන් කර සිටින්නේ ප්‍රමි­ති­යෙන් තොර හියු­ම­න්ඉ­මි­යු­නො­ග්ලො­බින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධි­යට අදා­ළව තමන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට රහස් පොලි­සිය කට­යුතු කළ බවය.

අන­තු­රුව මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු තමන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කළ බව පෙත්ස­ම්ක­රුවෝ කියති.

එකී නියෝ­ග­යට එරෙ­හිව ඇප ඉල්ලී­මක් එම අධි­ක­ර­ණ­යට ගොනු කළ අතර ඉකුත් මාර්තු මස 13 වැනිදා එම නඩුව කැඳවූ අව­ස්ථා­වේදී ඇප ඉල්ලීම සම්බ­න්ධ­යෙන් නියෝ­ගය ප්‍රකාශ කර­මින් මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය මේ නඩුව අව­සන් වන තෙක් තමන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කළ බව පෙත්ස­ම්වල සඳ­හන් වේ.

පොදු දේපළ පනත යටතේ ගොනු කළ නඩු­ව­කට අදා­ළව සැක­ක­රු­ව­කුට එම නඩුව අව­සන් වන තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට බල­යක් නැති බවට පෙත්සම් මඟින් කරුණු ඉදි­රි­පත් කර තිබේ.

ඒ අනුව තමන් අදාළ නඩු විභා­ගය අව­සන් වන තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය දුන් නියෝ­ගය නීති­යට පට­හැණි සහ අසා­ධා­රණ, අයුක්ති සහ­ගත නියෝ­ග­යක් බවට පෙත්සම් මඟින් පෙන්වා දී තිබේ.

පොදු දේපළ පනතේ අදාළ නඩුව පව­ත්වා­ගෙන යෑම සඳහා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රයා විසින් සහ­තික පත්‍ර­යක් ඉදි­රි­පත් කළ බව ද එය නීති විරෝධී බව ද පෙත්ස­ම්ක­රුවෝ සඳ­හන් කර සිටිති.

එබැ­වින් තමා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රිය දුන් නියෝ­ගය සහ පොදු දේපළ පනතේ නඩුව පව­ත්වා­ගෙන යෑමට සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රයා ඉදි­රි­පත් කළ සහ­ති­කය බල රහිත කරන ලෙසද පෙත්ස­ම්ක­රුවෝ අධි­ක­ර­ණ­යෙන් තව­දු­ර­ටත් ඉල්ලා සිටිති.

මේ පෙත්සම් සම්බ­න්ධ­යෙන් මූලික කරුණු සලකා බැලීම අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ඩී.එන්. සම­ර­කෝන් මහතා හමුවේ සිදු කළ අතර ඔවුන් ඇප මත මුදා හරින ලෙස කරන ඉල්ලීම සහ වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නොතීසි නිකුත් කර­න­වාද නැද්ද යන්න පිළි­බ­ඳව නියෝ­ගය ප්‍රකාශ කිරී­මට නිය­මි­තව තිබුණි.

නෙල්කා මැද­ගෙ­දර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here