දීර්ඝායුෂ වඩවන මධ්‍යධරණී ආහාර වේල – Saru News Media

0
5

 මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටා ඇති රටවල් වල, විශේෂයෙන්ම යුරෝපා මහද්වීපයට අයත් රටවල් වල ජනතාව දීර්ඝායුෂ භුක්ති විඳින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මේ පිළිබඳව විවිධ පර්යේෂකයන් විසින් සොයා බලනු ලැබුවා. එහිදී ඔවුන්ගේ නිගමනය වූයේ මෙම ප්‍රදේශවල ජනතාවට වැඩි ආයුෂ ලබා දෙන රහස වන්නේ ඔවුන්ගේ ආහාර වේල බවයි. ඒ ආශ්‍රිතව ජීවත් වන විවිධ රටවල ජනතාවට ආවේණික ආහාර වේල් වර්ග රැසක් පැවතුණත් එම ආහාරවල යම් යම් සමානතා ඔවුන් විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ නිසාම අද වන විට මධ්‍යධරණීය ආහාරවේල ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පවා එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කොට තිබෙනවා. අපි අද ඔබට කියන්න යන්නේ මේ මධ්‍යධරණීය ආහාර වේලේ ඇති සුවිශේෂීතා පිළිබඳවයි.

 

 

 මෙම ප්‍රදේශවල වාසය කරන ජනතාව සමන්ගේ සෑම ආහාරයක්ම පාහේ සකස් කිරීම සඳහා භාවිතා කරන්නේ ඔලිව් තෙල්. බොහෝ විට ඔවුන් ඔලිව් තෙල් නිස්සාරණය කිරීම සිදු කරන්නේ තම නිවසේමයි. මේ නිසා සීයට සීයක් පිරිසිදු ඔලිව් තෙල් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඔලිව් තෙල් මගින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන අතර හිතකර කොලෙස්ටරෝල් වර්ධනය කෙරෙනවා.

 

 

 වයින් පානය කිරීම මධ්‍යධරණී ජනතාවගේ ජීවිතයේම කොටසක් බවට පත්ව තිබෙනවා. බොහෝවිට ඔවුන් සෑම ආහාර වේලක් අතරතුරම වයින් තොලගාමින් එම ආහාරය භුක්ති විඳීමට ප්‍රිය කරනවා. විවිධ වයින් වර්ග සම්ප්‍රදායානුකූලව සකස් කෙරුණත් රතු වයින් සඳහා ඔවුන් දැඩි ප්‍රියතාවක් දක්වනවා. රතු වයින් වල අඩංගු සංයෝග  හෘදයාබාධ අඩුකිරීමට දායක වන බව මේ වන විට වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වී තිබෙනවා.

 

 

 සෑම ආහාර වේලකට පසුව එළිමහනේ ඇවිදීමට මධ්‍යධරණී ජනතාව පෙළඹෙන්නේ නිරායාසයෙන්. ඒ හරහා ආහාර ජීර්ණය පහසු කරනවා සේම ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්න බවත් වැඩි කරනවා. වර්තමානයේදී කොවිඩ් තත්ත්වය මත ඔවුන්ට නිවාස වලට වී කාලය ගත කිරීමට සිදුවී තිබෙන පරිසරයේදී පවා මෙම ජනතාව තම පරිශ්‍ර තුළ ව්‍යායාම්වල යෙදෙමින් ආහාර වලින් පසු ඇවිදීමට නොහැකි වීමේ හිඩැස පුරවා ගනු ලබනවා.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here