දොස්තර දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වර්ජනයක් අරඹති…

0
11

වෛද්‍යවරුන්ට ලබා දෙන රුපියල් තිස්පන්දහසක් වන මාසික DAT දීමනාව හෝ ඒ හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් හෙට දිනයේ සිට ආරම්භ කරන කිරීමට තීන්දු කර තිබේ.

එම අඛණ්ඩ වැඩ වර්ජනය සඳහා වෘත්තීය සමිති 72 ක් සම්බන්ධ වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමදේශ් මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට දිනයේ උතුරුමැද පළාතෙන් වැඩ වර්ජනය ආරම්භ කර විසි එක් වැනිදා දක්වා අදියර වශයෙන් ම පළාත් මට්ටමෙන් වර්ජනය දියත් කරන බවද හෙතෙම කියා සිටියේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here