ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනිගෙන විනාශ වෙයි – Saru News Media උණුසුම් පුවත්

0
11

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් නානුඔය ප්‍රදේශයේ දී ගිනි ගෙන විනාශ වුණා.

නෝර්ටන්බ්‍රිජ් සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රි රෝද රථයක් උඩරදැල්ල ප්‍රදේශයේ දී මෙසේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

එම ත්‍රි රෝද රථයේ පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එකවරම ත්‍රි රෝද රථයේ පිටුපස කොටසේ ගින්නක් හටගෙන තිබෙනවා.

එහි පැමිණි පිරිස ගින්න නිවා දැමීමට උත්සාහ කළ ද එය අසාර්ථක වුණා.

ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here