නග්න ස්ත්‍රී දේහය අපි සිතනවාට වඩා සුන්දරයි – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
10

නිරුවත් ස්ත්‍රී දේහයේ සුන්දරත්වය පිළිබඳව ඈත අතීතයේ සිටම පවතින්නේ එකිනෙකට වෙනස් මත. කිසිදු මතයක් සම්පූර්ණයෙන් බැහැර කරන්න බැරි වුණත් ඒ කිසිවක් තහවුරු කළහැකි දේවල්ද නොවෙයි.

කාන්තාවක් විදියට ඔබේ ශරීරය සහ එහි හැඩය ඔබටම ආවේණික වූ දෙයක්. එහි සුන්දරත්වය හෝ සරාගී බව එකිනෙකාට ඉතාමත් සාපේක්ෂයි. එහෙත් බොහෝ විද්වතුන් කියන්නේ මේ ලෝකයේ එක දිගට එපාවීමක් නොමැතිව බලාගෙන සිටියහැකි දේවල් ඉතාම අතලොස්සකින් නිරුවත් ස්ත්‍රී දේහයත් එකක් බවයි. එම කාරණය ගැහැණු පිරිමි භේදයකින් තොරව පිළිගන්නා සත්‍යයක්.

මේ කාරණය පිළිබඳව එදා සිට අද වෙනතෙක්ම බොහෝ දෙනෙක් විමසිලිමත්. ඒ නිසාම නොයෙක් අධ්‍යයනයන් සිදුකිරීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. අද අපි ඔබ වෙත ගෙන එන්නේ මෑතකදී එවන් අධ්‍යයනයකින් සොයාගත් කරුණු කිහිපයක්.
තමන්ගේ ලස්සන ගැන සිතන ආකාරය

 

මෙතෙක් අපි සිතාගෙන සිටියේ කාන්තාවන් කිසිවෙක් තමන්ගේ පෙනුම සහ ශරීරයේ හැඩය පිළිබඳව සෑහීමකට පත් වන්නේ නැති බවයි. නමුත් මෙම සමීක්ෂණයෙන් ඔප්පු වී තිබෙන්නේ එසේ නොවන බව සහ 66% කට වඩා වැඩි පිරිසක් තමන්ගේ ශරීරය ලස්සන බවත් සරාගී බවත් විශ්වාස කරන බවයි. එසේම මෙම ඉලක්කම තව දුරටත් වැඩිවෙමින් තිබෙන බවත් සඳහන්.

 

නිවස තුළ නිරුවතින්!

 

මේ අපිව කම්පනයට පත් කරන දෙයක් විය හැකියි. ඔවුන් පෙන්වා දෙනවා කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් නිවස තුළ නිරුවතින් සිටීමට කැමති බව. එසේම මේ වනවිටත් හැකි සෑම වේලාවකම නිරුවතින් නිවස තුළ සිටින බව කියන කාන්තාවන් 48% ක් ඔවුන්ට වාර්තා වී තිබෙනවා. මේ සමීක්ෂණය සිදු කෙරුණේ අපේ රට සම්බන්ධ කරගෙන නොවන නිසා හැකිතාක් ශරීරය ආවරණය කරගෙන සිටින අපේ රටේ කාන්තාවන් මේ පිළිබඳව දරනමතය වෙනස් විය හැකියි. එහෙත් අපි දන්නවා අපේ රටේ පවා කාන්තාවන් නිරුවතින් සිටීමට මැලි වන්නේ නැහැ.

 

ශරීරයේ සෑම අඟලක් ගැනම සෝදිසියෙන්

 

මින් කියවෙන්නේ බොහෝ කාන්තාවන් යම් යම් ආලේපන වර්ග වැනි දේ ගැල්වීමේදී මුහුණ, අත් සහ පාද පමණක් නොව මුළු ශරීරයේම ආලේප කරන සහ විශේෂයෙන්ම පියවුරු පෙදෙස සහ යටිබඩ පෙදෙස පිළිබඳව ඔවුන් වැඩිපුර සිතන බවයි. එසේම බොහෝ කාන්තාවන් මුළු ශරීරයේම රෝම ඉවත් කිරීමට පෙළඹෙන බවත් සඳහන්. තවදුරටත් සඳහන් වන්නේ ශරීරයේ සෑම අඟලකම රෝම ඉවත් කිරීම වයසින් වැඩි කාන්තාවන් අතරද ඉතාම ජනප්‍රිය බවයි.

යහළුවන් සමඟ බෙදා හදා ගැනීම

 

බොහෝ කාන්තාවන් තමන්ගේ ශරීරය පිළිබඳව සහ එහි සුන්දරත්වය පිළිබඳව තමන්ගේ යහළුවන් සමඟ කතා කිරීමට ඉතා කැමති බවද සඳහන්. එසේම තමන්ගේ ශරීරයේ ප්‍රමාණය, හැඩය, වර්ණය මෙන්ම තමන්ගේ අවයව වල ප්‍රමාණයද ඔවුන් සමඟ සන්සන්දනය කිරීමට ඔවුන් පෙළඹෙන බවද සඳහන් වෙනවා. එසේ සන්සන්දනය වන අවයව අතර තමන්ගේ පියවුරු, උදරය සහ කලවා ප්‍රධාන තැනක් ගන්නා බවයි සඳහන් වෙන්නේ.

 

මේ සියළු කාරණා කාන්තාවන් සම්බන්ධයෙන් ගොනු වූ දේවල්. පුරුෂයන් මේ පිළිබඳව සිතන ආකාරයත් අධ්‍යයනය කිරීමට හැකිනම්!

අපි බලාපොරොත්තු වෙමු නොබෝ දිනකින් එවන් අධ්‍යයනයක ප්‍රතිඵලත් අපට බලාගැනීමට ලැබේ යැයි කියා.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about the femail body . You can read the article and put your feedback on it. The beauty of the naked female body has been very different from time immemorial. There is no way out of any view, but nothing can be established.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here