නන්දලාල්ට ප‍්‍රසිද්ද විවාදයකට අභියෝග කරයි..

0
14

විදේශ විනිමය මෙරටට අහිමි කරමින්, අධික විදුලි බිල හේතුවෙන් කර්මාන්ත ශාලා වැසී යන තත්වයක් නිර්මාණය කර විදුලි බල මණ්ඩලය ලබන ලාභයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රශ්ණ කරයි.

පිරිවැය නිරූපිත මිල ක්‍රමයකට විදුලිය ලබාදීම විය යුතු වුවද  අතීත විදුලි පාරිභෝගිකයාගේ පිරිවැය ද වත්මන් විදුලි පාරිභෝගිකයාගෙන් අය කර ගැනී සිදු නොකල යුතු බව පිවිතුරු හෙළ උරුමය නායකයා ප්‍රකාශ කරයි.

නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කර සිටියේ  පාර්ලිමේන්තුවේ පැවති ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබද විවිාදයට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් එහිදී මෙසේ අදහස් දැක්වීය.

දූෂිත දේශපාලකයා පමණද?

ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත යටතේ සැකසූ නියෝග පිළිබඳ විවාදයකට සහභාගි වීමට ලැබීම සතුටක්.  අපි 2021 දී ඛනිජතෙල් සම්පත් සංවර්ධන පනතක් ඉදිරිපත් කළා. මේ පනත සම්මත කිරීමට අමතරව අධිකාරියක් බිහි කළා.  ගවේශන සිතියමක් සැකසුවා.  නිලධාරින් බඳවා ගත්තා.  ගුවන් යානා සහ නැව් භාවිතා කරලා ගවේශන කටයුතු ඇරඹුවා.  නමුත් ලංකාවේ තෙල් සහ ගෑස් ගවේශනය පිළිබඳ මෑතක දී නම් නැවුම් ප්‍රවෘත්තියක් අපට අහන්න ලැබුණේ නෑ.  අද ලෝකය පාරිසරික හේතු මත සීඝ්‍රයෙන් ඛනිජතෙල් භාවිතයෙන් ඈත් වෙනවා.  අපේ ඛනිජතෙල් වලට වඩා තිබෙන්නේ ස්වභාවික ගෑස්.  තවත් කලක් ගියාම ස්වභාවික ගෑස් භාවිතයත් අවසන් වේවි.  වත්මන් ආර්ථික අර්බූදයට වඩාත් නිශ්චිත විසඳුම තමයි  හැකි ඉක්මනින් අපේ තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගන්න එක.  ඒක හැකි ඉක්මනින්ම සිදු කිරීමට හැකි වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ ඊයේ ඇමතිවරයා සාකච්ඡාවක් කැඳවා තිබුණා.  විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහකරණය කළ යුතුයි. නැවුම් නීතියක් ගෙන ආ යුතුයි.  තරගකාරි පසුබිමක කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.  බිහි කරන  නැවුම් සමාගම්වල වගේම උපදේශක සභාවේත් පත්වීම් කරන්නේ ඇමතිවරයා නිසා ඇමති සතු බලතල ඉවත් කරන්න එතැන දී සමහරු යෝජනා කළා.  මේ අදහසට අපි විරුද්ධයි.  ඇමතිවරයා හරහා තමයි රාජ්‍ය ආයතන මහජනතාව සමග ගැට ගැහෙන්නේ.  අපි ආයතන ස්වාධීන කරනවා කියලා මොකක්ද කරන්නේ?  නිලධාරි පාලනයකට නතු කරන එක කරන්නේ.  දේශපාලකයින් දූෂිතයි.  ඇත්ත.  සමහර දේශපාලකයින් දූෂිතයි.  එතකොට නිලධාරින්?  අර වගේම සමහර නිලධාරින් දූෂිතයි.  ඒක තමයි තිත්ත ඇත්ත.

දේශපාලකයා වසර පහකට වරක් ජනතාව ඉදිරියට එන නිසා ජනතාවට බයයි. සමහරු එහෙමහ ඇවිත් සමත් වෙනවා. සමහරු අසමත් වෙනවා. ඒ නිසාම දේශපාලකයා නිලධාරියාට වඩා ජනතාවට බයෙන් තමයි වැඩ  කරන්නේ.  නිලධාරින් කවදාවත් ජනතාව ඉදිරියට එන්නේ නැති නිසා එහෙම බයක් නෑ.  දේශපාලකයාට වරදින තුරු බලා ගෙන ඉන්න විපක්ෂයක් ඉන්නවා.  නිලධාරින්ට එහෙම එකක් නෑ.  අපි බලයට පත් වුණාමත් වැඩ කරන්න වෙන්නේ මේ නිලධාරින් සමග නේද කියලා හිතමින් විපක්ෂය නිලධාරින් පිළිබඳ කටයුතු කරන්නේ ප්‍රවේශමෙන්.

2002 දී සිහළ උරුමයේ ක්‍රියාකාරකමකට පරිත්‍යාගයක් ඉල්ලන්න මමත් චම්පික රණවක මන්ත්‍රිවරයාත් ව්‍යාපාරිකයෙක් හමු වුණා.  ඒ පරිත්‍යාගය නම් ලැබුණේ නෑ.  නමුත් මසුරන් කතාවක් කිව්වා.  දේශපාලකයෙකුට ආයෝජනය කලොත් ප්‍රතිලාභ තිබෙන්නේ අවුරුදු පහයි.  නිලධාරියෙකුට ආයෝජනය කලොත් ප්‍රතිලාභ අවුරුදු 30ක් 35ක් ලබා ගන්න පුළුවන්.  ඒ නිසා දේහපාලනීකරනයට බියෙන් ස්වාදීන කරන්න කතාකරන එක ඊට වඩා භයානකයි.

ස්වාධීන වූ මහ බැංකුව සිදු කලේ කුමක්ද?

පසුගිය අවුරුද්දේ ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කළ යුතුයි කියලා පනතක් ගෙනාවා.  මහ බැංකුව මහජනතාවට වෙනුවට ජාත්‍යන්තරයට වග කියන ආයතනයක් වෙන බව අපි දැක්ක නිසා අපි ඒකට විරුද්ධ වුණා.  නමුත් විපක්ෂයේ බහුතරය ඒකට හුරේ දැම්මා.  මේක පාර්ලිමේන්තුවේ බේරා ගන්න බැරි බව තේරුණු නිසා අපි අධිකරණයට ගිහිල්ලා සංශෝධන 72ක් නිර්දේශ කර ගත්තා.  ඒ සංශෝධනත් කර ගත්තේ නැතිනම් මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වෙන්න තිබුණා.  හැමෝම මහ උජාරුවට කතා කරන ස්වාධීනත්වය ලබා දුන්නාම ඒ අය මොකද කලේ? ලංකාවේ කිසිම ආයතනයක නොකළ ආකාරයකට ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගත්තා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here