නමක් නැති ආදරයක් – Saru News Media | Lady | Women | Lifestyle | Health | Beauty

0
10

මුළු හදවතින්ම පිළි ගන්න , ඒත්  කවදාවත් ඒ හැගීමට වචනවලට හෝ අකුරුවලට නොගලපන හැංගුණු ආදර කතා ඕනෑ තරම් තිබෙනවා. අවසානයක් නොතේරුනත් තදින්ම බැඳුණු මේ හිත් කවදම හරි ඒ බැදීම ආදරයක්ම බව නම් පිළිගත යුතුමයි. මොකද ඔබ ඒ බැදීමට ‘ආදරය’ යැයි නම නොදුන්නාට සැබැවින්ම එතැන පවතින්නේ ආදරය නිසා. ඔබ තවමත් නොපවසා ඇත්තේ ඔහුට ආදරය කරන බව පමණයි. නමුත් ඔබේ ජීවිතයේ අනෙක් සියල්ල ඔහු හා බෙදාහදාගෙන අවසන්.

ඔබ කනබොන වේලාවන්, යනඑන තැන්, කරනකියන දේවල්, එදිනෙදා ජීවිතයේ ඔබට ඇතිවන ප්‍රශ්න, ගෙදර දොර ප්‍රශ්න මේ සියලූ දේවල් ඔබ අඩුවැඩි වශයෙන් ඔහු හා පවසනවා ඇති. ඇතැම්විට ඔහු ඔබට ඇමතුම් ලබා නොගත්තත් ඔහු ගැන සොයා බැලීමට ඔබට සිතෙනවා ඇති. ඔහුගේ ලෙඩදුක්වලදී ඔහුටත් වැඩියෙන් ඔබ කලබල වෙනවා ඇති. රැයක් දවාලක් නොබලා පෙම්වතුන් මෙන් කතාබහ කරනවා ඇති. නමුත් ඔබ හිත එකග කර නොගන්නේ ඔහුගේ ආදර යෝජනාව පිළිගැනීමට පමණයි. ඔහු පුන පුනා සිය ආදරය ප්‍රකාශ කළත් ඔබව ඔහුට අවශ්‍යම බව පවසා සිටියත් ඔබ එය පිළිගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එහෙමයි කියා ඔබ ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. කුමකට හෝ හිත බයවී ආදරය යන නම ඒ බැදීමට නොදුන්නට හිත යටින් මහාමෙරක් තරම් ඔබත් ඔහුට ආදරය කරනවා ඇති. ඔබට නොතේරුණාට බාහිරින් බලන අයට පවා ඒ පෙම්වත් හැසිරීම් තේරුම් ගැනීමට අපහසු වෙන්නෙ නැහැ.

කතාබස් කිරීමෙන්,අදහස් හුවමාරු කර ගැනීමෙන් ආදරය ප්‍රකාශ කර ආදරය කරන අය හා සමානවම ඔබත් ඔහු හා කතාබහ කරනවා.. එහෙනම් ඇයි ඔබ ඒ ආදරය කියන වචනවට මේ තරම්ම බය? ඔබට ගැලපෙන හොදම කෙනාත් ඔහුම බව දන්නවනම් ඇයි ඒ ආදරය පිළි නොගන්නේ? ඒ බැදීමට හිත් නොරිදෙන අවසානයක් තියෙනවනම් විතරක් ඒ බැදීමට ආදරය යැයි නම නොදුන්නත් කමක් නැහැ. නමුත් ඒ බැදීමට අවසානයක් ඔබට සොයා ගත නොහැකි නම් ඒ බැදීම පුරුද්දක් කර ගන්න එපා. පුරුද්දට වගේ පෙම්වතුන් මෙන් අදහස් හුවමාරු කර ගන්න යන්න එපා.

ඇතැම් විට ඒ පුද්ගලයාට ඔබේ දෙමව්පියන් අකමැති වේවී යැයි ඔබට සිතෙනවා ඇති, නැතැනම් ඔබ හොයන කෙනා ඔහුමද කියලත් ඔබ හිතනවා ඇති, මේ මොන ප්‍රශ්නේ ඉස්සරහට දැම්මත් නමක් නොදී පවත්වාගෙන ආ ඒ සම්බන්ධතාවය හිටිහැටියේම නවත්තලා දාන්න ඔබ දැනටමත් පොටක් පාදගෙන අවසන්. මොකද ඔබ ඔහුට ආදරය කරන බව වචනවලින් තවමත් පවසා නැති නිසා. ඒ නිසා බාහිර පුද්ගයන්ද ඔබට අදාළම නොවේවී. නමුත් නමක් නැති වුණත් ඔබත් මේ වනවිට ඔහු හා ගොඩක් දුර ගිහින් ඇති. ඒ නිසා කොච්චර නෑ කිව්වත් ඔබෙත් හිත හදා ගැනීමට අපහසු වේවී. ඒ නිසා  මොන ප්‍රශ්නේ ආවත් ඔහු හා ඉන්න හිත තියෙනවනම් විතරක් ආදරය ප්‍රකාශ නොකර හරි කමක් නැහැ ඔහුත් සමග ඉන්න. ඔබට එහෙමත් කළ නොහැකි නම් ඔහුගෙන් ඈතට යන්න. නැතිනම් නමක් නැති ඔබේ ආදරය නිසා ඒ ජීවිතයට සෑහෙන්න විදවන්න වේවී.

දවසක ඔබ ඔබේ හිත හොයන කෙනා හරි දෙමව්පියන්ගේ කැමැත්ත මත හොයලා දෙන කෙනා හරි එක්ක ඔබේ ඉදිරි ජීවිතය ගත කිරීමට ඔබ තිරණය කළොත් එතෙක් කලක් නමක් නොදී පවත්වාගෙන ආපු ඒ සම්බන්දයට කුමකින් කුමක් සිදු වේවිද? ඔබ ඔහුට දෙගිඩියාවකින් ආදරය කළත් ඔහු මුලු හදවතින්ම ඔබට ආදරය කරනවා ඇති. ඒ වෙන්වීමේ වෙදනාවේ අංශු මාත්‍රයක්වත් ඔහුට දරා ගැනීමට නොහැකි වේවී. කවි ලිය ලිය හිත හදාගන්න ඔහු කවියෙකු නොවේවී, කඳුලු පෙර පෙර අඩලා දුක නිවා ගන්න තරම් ගැහැණු අපි තරම් ඔහු බොළඳ නොවේවී, යන යන තැන්වල මල් පහන් පූජකරලා ඔබවම ප්‍රාර්ථනා කරන්න ඔහු බෝධි සත්වයකුද නොවේවී, ඒ හැම දේම තියෙනවා චිත්‍රපටිවල. නමුත් ඔබෙත් ඔහුගෙත් මේ බැදීම චිත්‍රපට ජවනිකාවක් වගේ සලකන්න එපා. අත හරින්නම බැරි නම් පුළුවන් ඒ බැදීමට නම් නමක් දෙන්නන. සැබැවින්ම අවසානයක් සොයා ගත නොහැකි නම් ඒ සම්බන්ධයට නමක් නොදීම අවසන් කරන්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Saru News Media is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on Saru News Media. This article is about the love affairs . You can read the article and put your feedback on it. 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here