නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලු ගැන කඩිනම් වාර්තාවක් ලබා ගැනීමට විද්වත් මණ්ඩලයක් – Saru News Media දේශීය පුවත්

0
9

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

ඒ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ සභාපතිවයෙන්.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලුව වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුන දෙයක් බව පෙන්වා දුන්නා.

ඒ අනුව එම ගැටලුව, කාරක සභාවේ සමාජිකයින් නිවැරදිව අවබෝධ කරගැනීම උදෙසා මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිතව විවිධ විද්වතුන් සිදුකල අධ්‍යන හැදෑරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ජා වුණා.

කෙටි වර්ෂාවකදී පවා වර්තමානය වන විට නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් පත්වන අපහසුතාව පිළිබඳව ද කාරක සභාව දැඩි අවධානය යොමු කරන ලදී. මේ තත්ත්වය තුල එම ප්‍රදේශයේ ගොවීන්ට දැනටමත් කන්න ගණනාවක් වගා කිරීමට නොහැකි වී ඇති බවත් ඉදිරි වර්ෂා සහිත කාලයට පෙර මෙම ගැටලු වලට විසදුම් ලබාදීම ආරම්භ කලයුතු බව කාරක සභා සාමාජිකයින් පැවසුවා.

එහිදී මුලිකවම රුහුණු විශ්ව විද්‍යාලය මුලික කොටගෙන, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්වත් මණ්ඩලයක් පත් කොට ස්වාධීනව නිල්වලා ගඟ ආශ්‍රිත ගැටලු හඳුනාගෙන කඩිනම් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කෙරුණා.

තවද ගැටලු නිසා බලපෑමට ලක්ව ඇති ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ජා කොට එම ගැටලුවලට විසඳුම් පිළිබඳ අදහස් ඔවුන්ගෙන් ලබා ගැනීමටත් කාරක සභාව තීරණය කළා.

එමෙන්ම ඉදිරි වර්ෂා සහිත කාලගුණ තත්ත්වයට පෙර නිල්වලා ගඟේ ජලය ගලා බසින ප්‍රධාන ඇල මාර්ග වහාම සුද්ද පවිත්‍ර කිරීමට මෙහිදී තීරණය කෙරුණා.

එහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරිය දැනටමත් ඇල මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව පෙන්වා දුන්නා.

මේ අවස්ථාව සඳහා කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ඩලස් අලහප්පෙරුම, බුද්ධික පතිරණ, වීරසුමන වීරසිංහ, නිපුණ රණවක යන මත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here