නීතිවිරෝධී ලෙස මෙරටට රන් මාල ගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

0
8

නීතිවිරෝධී ලෙස ග්‍රෑම් 75ක් පමණ බරැති රන් මාල දෙකක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

සැකකරු ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරන ට්‍රොලි කරත්තයක සඟවා, එම රන් මාල ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන ඒමට තැත් කර තිබෙනවා.

එම මාල 02හි වටිනාකම රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු ගුවන් මගින් රෙදිපිළි සහ දුරකථන අමතර කොටස් මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙක්.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධ විමර්ශන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here