ප්‍රකට සිනමා විශේෂඥයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වෙයි – Saru News Media දේශීය පුවත්

0
10

ප්‍රකට සිනමා විශේෂඥයෙකු මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා අභාවප්‍රාප්ත වුණා.

සිනමාව සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබූ අයිවන් වීරක්කොඩි මහතා ප්‍රකට සිනමා හා රූපවාහිනී නිර්මාණ රැසක් සිංහලට පරිවර්තය කර  තිබෙනවා.

කීර්තිමත් විද්වතෙකු වූ නැසී ගිය ඩී.පී.එම් වීරක්කොඩි මහතාගේ සොහොයුරෙකු වූ අයිවන් වීරක්කොඩි මහතා ITN මාධ්‍ය ජාලයට ද සිය විශේෂඥ දැනුම සැපයූ විද්වතෙකු වනවා.

අභාවප්‍රාප්ත අයිවන් වීරක්කොඩි මහාගේ දේහය පිළිබද අවසන් කටයුතු ජාඇල කණුවන රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට පස්වරු 3.30ට සිදු කිරීමට නියමිතයි.

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here