ප්‍රජා පොලිස් කමිටුවලට කැනඩාවේ සහාය ඉල්ලයි

0
11

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහන ශක්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සිදුකිරීම

වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයා මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh)  සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (09) සිදුවු අතර එහිදී මෙම ඉල්ලීම කර ඇත.

මෙම හමුවට ශ්‍රීලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) Patrick Pickering සහභාගි වී තිබේ.

අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රීලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම සහ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳව මහකොමසාරිස්වරයා මහජන ආරක්ෂකවරයා සමග අදහස් හුවමාරු කරගත් බවයි එම අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

(චතුරංග මේදිස්)

jkfjfjf

 
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here