ප්‍රමිතියෙන් තොරව ජලය බෙදා හරින බවට නාත්තන්ඩිය ජල සැපයුම් මධ්‍යස්ථානයට චෝදනාවක් – Saru News Media දේශීය පුවත්

0
12

නාත්තන්ඩිය ජල සැපයුම් මධ්‍යස්ථානය මඟින් බෙදා හරින ජලය ප්‍රමිතියෙන් තොර බවට ජනතාව චෝදනා කරනවා.

එම ජලය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ.

නාත්තන්ඩිය ජල සැපයුම් මධ්‍යස්ථානය මගින් ග්‍රාම නිලධාරී වසම් 47ක 3000කට අධික පිරිසකට ජල සැපයුම් ලබාදෙනවා.

මෙම ජලය අවපැහැයක් ගෙන ඇති බවත් ඉතා අපිරිසිදු තත්ත්වයේ පවතින බවටත් මරදවැල්ල / ඉද්දමල්ගොඩ ගඩොල්ගොඩවත්ත ආදී වසම්වල ජනතාව චෝදනා කරනවා.

පවත්නා ගැටලුව සම්බන්ධයෙන් නාත්තන්ඩිය ජල සැපයුම් මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී චන්දික මල්වාන මහතාගෙන් ස්වාධීන රූපවාහිනිය විමසීමක් කළා.

ප්‍රදේශයේ අඛණ්ඩ ජල සැපයුමට දැනට පවතින ජල මුලාශ්‍ර ප්‍රමාණවත් නොමැති බවත් නළ පද්ධතිය ඉතා පැරණි බැවින් ඉන් ගලා එන ජලයට අපද්‍රව්‍ය මුසුව අවපැහැ ගැන්වෙන බවත් ඒ මහතා සදහන් කළා.

2020 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දංකොටුව මා ඔය ජල සැපයුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවානම් ගැටලුවට විසදුම් ලබාදීමට හැකිවන බවයි ස්ථාන භාර නිලධාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වුව ද මෙම ගැටලුවට කඩිනම් විසදුම් ලබාදෙන ලෙසයි ජනතාව වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටින්නේ.

 

 

 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here