පාඩු මකා ලාභ ලැබූ හැටි – Saru News Media දේශීය පුවත්

0
15

2022 වසරේ දී රුපියල් බිලියන 743ක් පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය පසුගිය වසරේදී රුපියල් බිලියන 456ක ලාභයක් වාර්තා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ප්‍රතිව්‍යූහගතරකණය මෙන්ම අකාර්යක්ෂමතාව පිටුදැකීම මෙන්ම ඵලදායිතාව වර්ධනයට හේතුවක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විදුලි බල මණ්ඩලය /තෙල් සංස්ථාව වැනි සහනාධාර මත ක්‍රියාත්මක වූ ආයතන නිෂ්පාදන පිරිවැයට සරිලන මිලක් නියම කිරීම ද මෙම ලාභය වාර්තා කිරීමට හේතුවූ බව ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය ව්‍යවසාය වඩාත් ඵලදායී මට්ටමට ගෙන ඒම සදහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගන්නා බවයි සේමසිංහ මහතා පවසන්නේ.

එමගින් බදු මුදල්වල ඵලදායීතාව තහවුරු කරමින් අධ්‍යාපනය / සෞඛ්‍ය / කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ඒවායෙහි අකාර්යක්ෂමතාව අවම වන අතර දේශපාලන මැදිහත්වීම්ද ඉවත්ව යන බවයි සේමසිංහ මහතා සදහන් කරන්නේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here