“පාර්ලිමේන්තුවට විශාල සහනයක් ලැබුණා” | Saru News Media

0
9

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් පාර්ලිමේන්තුවට ද විශාල සහනයක් ලැබුණු බව සමගි ජන බලවේග මන්ත්‍රී නලින් බණ්ඩාර අද (08) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඒ, සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් ගෞරවය සහ ප්‍රණාමය පුද කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකිකයෙක් නොවන අයෙක් වසර 04කට අසන්න කාලයක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බවත්, එය නිවැරදි කිරීම සම්බන්ධයෙන් ද සතුටුවන බව වැඩිදුරටත් අදහස් දැක්වමින් ඔහු පැවසුවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here