Google search engine
Home ගොසිප් පුවත් පාර්ලිමේන්තුවේදී ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

පාර්ලිමේන්තුවේදී ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

0
14

ranil-statement-parliament

අද (09) උදෑසන හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් තිබියදී වුව කිසිම කොන්දේසියක් නැතිව තමා රට බාරගත්තේ නිසි සැලැස්මක් සහ ජාත්‍යන්තර සම්බන්ධතා නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

අපායට වැටී තිබූ රට ගොඩගත හැකිය යන විශ්වාසය තමාට තිබූ බවත් වැටුණු රට යළි ගොඩනැගීම වෙනුවෙන් විධිමත් ආර්ථික ස්ථායිකරණය හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට පියවර ගත් බවත් ජනාධිපතිවරයා පැවසීය.

මේ වසරේදී ආර්ථික වර්ධනය සියයට තුනක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ණය ප්‍රතිකරණ වැඩපිළිවෙල මුලික අංශ තුනක් හරහා සිදුකළ බව පැවසු ජනාධිපතිවරයා පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වීම බව ද කියා සිටියේය.

එම කාර්ය 2023 වසරේ දී අවසන් කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

දෙවැන්න වුයේ විදේස් රටවල් සමග ඇති කරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ලබාගන්නා ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම බව පැවසු ජනාධිපතිවරයා එම රටවල් සමග සාකච්ඡා කර මේ පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟත්වයකට 2023 නොවැම්බර් මාසය වනවිට පැමිණි බවත් ඒ සඳහා පැරිස් සමාජය මෙන්ම එයට අයිති නැති චීනය වැනි රටවල් සමග ද එකඟත්වයට පැමිණ ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව දැනට සිදුකළ යුතුව ඇත්තේ ණයහිමි රටවල් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පමණක් බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා වූ කෙටුම්පත් පිළිබඳ ශ්‍රී ලංකා රජය නිල ණයහිමියන්ගේ කමිටුව සමග සාකච්ඡා කරමින් සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එමෙන්ම වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය තෙවන අංශය බවත් ජනාධිපතියා කියා සිටියේය.

ආර්ථික වර්ධනය පිළිබඳව විවිධ දේශීය සහ විදේශීය මුල්‍ය ආයතන ද ඒ හා සමාන පුරෝකථන ඉදිරිපත්කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ වන විට රටේ උද්ධමනය 1.5%ක අගයකට පහළ වැටී ඇති අතර වසර ගණනක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකිවී තිබෙන බවත්,

දශක ගණනාවකට පසුව ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 වසරේ ඇතිව තිබෙන අතර, පොළී අනුපාතය 10%-13% මට්ටමට පහළ වැටී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

වසරේ පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමෙරිකානු ඩොලරය රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිවී තිබෙන අතර විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය ළඟාකර ගැනීමට හැකිවූයේ අභියෝගාත්මක, දුෂ්කර එහෙත් නිවැරදි මගක ගමන් කළ නිසා බව සඳහන් කළේය.

මේ වසර මැද වනවිට දී සියලු සාකච්ඡා අවසන් කිරීම තම අපේක්ෂාව බව ද පැවසු ජනාධිපතිවරයා, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අරමුණ වන්නේ, 2032 වන විට සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95%ක් දක්වා අඩු කරගැනීම බව ද පැවසීය.

මෙම ඉලක්කවලට යෑමට කටයුතු කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා එම ඉලක්ක වෙත යෑම වර්තමානයේ ඇති අභියෝගය බව ද සඳහන් කළේය.

ණය තිරසාරභාවය තහවුරු කරගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යා නොහැකි බව ද පැවසු ජනාධිපතිවරයා මේ වනවිට රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇතැයි ද පැවසීය.

මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දූෂණ විරෝධී කෙටුම්පත අනුමත කර ඇති බවත් ඒ අනුව අපරාධ ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවත් අපරාධය සිදුවූ බවට වූ අධිකරණ තීන්දුවක් මත එම මුදල් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here