පාර්ලිමේන්තු කමිටු ඉදිරියට කැදවීම ගැන GMOA නොසතුටින්…

0
11

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

තාක්ෂණික කරුණු සලකා බැලීමකින් තොරව සිදුවන විගණන කටයුතු  හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියේ පරිපාලන කටයුතු වලට එල්ල වී ඇති බාධාවන් පිළිබඳ අප වෙත ලැබි ඇති පැමිණිලි.

ඕනෑම රටක ආර්ථික ක්‍රියාවලිය ක්‍රමවත්ව ඉදිරියට ගමන් කිරීමට නම් එහි මූල්‍ය විනය පවත්වා ගැනීම අනිවාර්ය කාරණයකි.

ඉතිහාසය පුරාම මෙරට පාලකයින් රට තුළ මූල්‍ය විනය පවත්වා ගැනීමට අපොහොසත් වීම හෝ හිතාමතාම මූල්‍ය විනය බිඳ දැමීම, වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රධානතම හේතුවයි.

පසුගිය සමයේදී ශ්‍රී ලාංකීය පුරවැසියන් රට තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ සිදුකරන ලද සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ කරුණක් වූයේ මූල්‍ය විනය පවත්වා ගැනීම සහ විගණන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. රට තුළ වඩා ශක්තිමත් සහ පාරදෘශ්‍ය විගණන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම අතිශයින් වැදගත් බව අපි විශ්වාස කරමු. පසුගිය සමයේදී ඉදිරිපත් වුණු නව විගණන පනත ද එම ගමනේ තවත් එක් සාධනීය පියවරකි.

වඩා ශක්තිමත් විගණන ක්‍රියාවලියක් රට තුළ ස්ථාපිත කිරීම මඟින් ආර්ථික ක්‍රියාවලිය මුහුණ දී ඇති අර්බුද ගණනාවකට නිතැතින්ම පිළියම් ලැබෙන අතර ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ද වැඩිවන බව අපි විශ්වාස කරමු. ඕනෑම විගණන ක්‍රියාවලියක් වඩා සාර්ථක වන්නේ ඊට අදාළ තාක්ෂණික කරුණුද සලකා බලමින් අදාළ විගණන සහ විමර්ශන කටයුතු සිදු කිරීමෙනි.

විගණන ක්‍රියාවලියේ අරමුණ පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම වුවද, වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණන ඒකකයේ ඇතැම් ක්‍රියා කලාපයන් රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාවයට සහ ඵලදායීතාවයට අහිතකර බලපෑම් එල්ල කරමින් පවති.

යම් සිදුවීමකට අදාල විමර්ශනයේදී තාක්ෂණික කරුණු සහ පසුබිම නොසලකා හැරීම හෝ එම කරුණු නොදැනීම නිසා, අදාළ විමර්ශනයෙන් අසාධාරණ තීන්දු ලැබුණු අවස්ථා ගණනාවක් සම්බන්ධයෙන් අප වෙත පැමිණිලි ලැබී ඇත. මේ නිසා රෝහල් පරිපාලකයින් හට තම රාජකාරිය නිසි පරිදි ඉටු කිරීමට බාධා ගණනාවක් උද්ගත වී ඇත.

කොවිඩ් වසංගතය සමයේ රෝගී සත්කාරක සේවා වෙනුවෙන්  විශේෂිත හා ඉතා හදිසි අවශ්‍යතාවයක් සේ සලකා සිදු කරනු ලැබු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම ඇතුළු රාජකාරිමය කටයුතු සම්බන්ධයෙන් රෝහල් පරිපාලකයින් ගණනාවකට එරෙහිව විගණන කටයුතු ආරම්භ කිරීම ඊට හොඳම උදාහරණයකි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here