Google search engine
Home ගොසිප් පුවත් පෙම්වතිය බලන්න ගිය පෙම්වතා සතියක් තිස්සේ අතුරුදන්

පෙම්වතිය බලන්න ගිය පෙම්වතා සතියක් තිස්සේ අතුරුදන්

0
16

kuliyapitiya-incident

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.මෙම පුද්ගලයා අතුරුදන් වූ දින සිටම ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇයගේ පියා මව සහ සහෝදරයන් දෙදෙනා පදිංචි නිවෙස වසා දමා

ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මීට අමතරව තරුණියගේ ඥාතියකු ද ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින බව කියති. මෙසේ අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය, ඇබව, දීගල්ලේ සුසිත් ජයවංශ නමැති අයකු බව පොලිසිය කියයි. ඔහු ප්‍රදේශයේ චීන අවන්හලක් පවත්වාගෙන යන අතර නිත්‍යානුකූල බිරිඳගෙන් දික්කසාද වී සිටින්නකු බව ද පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින පෙම්වතිය බව කියන තරුණියට අමතරව තවත් පෙම්වතියක ඔහුට සිටින බවට තොරතුරු හෙළි වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.අතුරුදන්ව සිටින මෙම පුද්ගලයාගේ පෙම්වතිය බව කියන තරුණියගේ පියා අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කර පරාජයට පත්වූවකු බව ද පැවැසේ.ජයවංශ නමැත්තා අභිරහස් ලෙස අතුරුදහන් වීමෙන් පසු ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ඇතුළු පවුලේ අය මෝටර් රථයකින් පලා ගොස් ඇති බවට ද තොරතුරු හෙළි වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.අතුරුදන් තැනැත්තාගේ අනෙක් පෙම්වතිය බව කියන තරුණියගෙන් ද පොලිසිය ඊයේ දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන ඇත.

ජයවංශ නැමැත්තාට වෙනත් සම්බන්ධයක් තිබූ බව තමා නොදන්නා බව එම තරුණිය පොලිසියට පවසා ඇතැයි දැනගැනීමට ඇත. අතුරුදන්ව සිටින ජයවංශ නමැත්තා ඝාතනය කර සිරුර සගවා ඇද්ද, එසේත් නැත්නම් කිසියම් ප්‍රදේශයක බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින්නේ දැයි යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.දින 7 ක් තිස්සේ අතුරුදන්ව සිටින මෙම පුද්ගලයා ගැන ඊයේ වනතුරුත් කිසිදු හෝඩුවාවක් ලැබී නොමැති බව පොලිසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here