පේරු රාජ්‍යයේ සිදුවූ බස් රථ අනතුරකින් 25ක් මරුට – Saru News Media ජාත්‍යන්තර පුවත්

0
21

පේරු රාජ්‍යයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උතුරු දිග පේරු රාජ්‍යයේ කදුකර ප්‍රදේශයකදී සිදුවූ මෙම බස් රථ අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

කදුකර ප්‍රදේශයක ගමන් කරමින් තිබූ බස් රථය ප්‍රපාතයකට පෙරලීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

ඊයේ රාත්‍රියේදී අනතුර සිදුව ඇති අතර එම මාර්ගය අබලන්වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

අනතුර හේතුවෙන් එම ප්‍රදේශයට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here