Google search engine
Home ගොසිප් පුවත් පෝද්දල දියත උයනේ යකා නැටූ තිදෙ­නෙක් රිමාන්ඩ්

පෝද්දල දියත උයනේ යකා නැටූ තිදෙ­නෙක් රිමාන්ඩ්

0
26

poddala-diyatha-uyana-incident

මෑත­කදි විවෘත කරන ලද පෝද්දල, හෝලු­වා­ගොඩ දියත උයනේ විනෝද වීමට පැමිණ ආර­වු­ලක් ඇති කර­ගෙන, පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නකු ඇතුළු තවත් කිහිප දෙන­කුට පහර දී තුවාල සිදු කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලද සැක­ක­රු­වන් තිදෙ­නකු හඳුනා ගැනීමේ පෙරෙ­ට්ටු­වක් සඳහා මැයි 03 වැනිදා දක්වා රිමාන්ඩ් කිරී­මට ගාල්ල අති­රේක මහේ­ස්ත්‍රාත් ලක්මිණ විදා­න­ගම මහ­ත්මිය නියෝග කළාය.

මෙම සැක­ක­රු­වන් ඇතුළු තවත් කිහි­ප­දෙ­නකු පසු­ගිය 26 දා රාත්‍රියේ දියත උය­නට පැමිණ මත්පැන් පානය කොට බෝට්ටු සවා­රි­යක් ගොස් ගොඩ­බි­මට පැමිණ, එහි ගීත ගායනා කරන පුද්ග­ල­ය­කුගේ මයි­ක්‍ර­ෆෝන‍ය ඉල්ලා ඇති අතර, එහිදි බහි­න්බස් වීමක් සිදුව ඇත. එම අව­ස්ථාවේ ඇති වූ ගුටි­බැට හුව­මා­රුව බේරී­මට පැමිණි පුද්ග­ල­ය­කු­ටද සැක­ක­රු­වන් පහර දී ඇති අතර, පසුව පොලිස් නිල­ධා­රීන් දෙදෙ­න­කුද පැමිණ තිබේ. සැක­ක­රු­වන් එම පොලිස් නිල­ධා­රීන් දෙදෙ­නා­ටද පහර දී තුවාල සිදු­කර ඇත.

සැක­ක­රු­වන් තිදෙනා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­මින් පොලි­සිය කියා සිටියේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් තවත් සැක­ක­රු­වන් කිහි­ප­දෙ­නෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට සිටින බවයි. පෝද්දල පොලි­සියේ උප පොලිස් පරී­ක්ෂක මන­ම්පේරි මහතා විසින් සැක­ක­රු­වන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදි.

එස්. දීය­ග­හගේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here